Sep 18

මහනුවරදී ශිෂ්‍යාව පැහැර ගැනීම රංගනයක් - කෙල්ල පොලිසියත් අන්දන්න හදලා


පාසලට යමින් සිටියදී පුද්ගලයකු ගිනි අවියක් පෙන්වා පැහැරගෙන ගොස් පසුව අතහැර දමා ගිය බව පවසමින් 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ඉකුත් අඟහරුවාදා (15 දා) කළ පැමිණිල්ල ගොතන ලද රංගනයක් බව මහනුවර පොලිසිය පවසයි.

මහනුවර නගරයේ බාලිකා විද්‍යාලයක ඉගෙන ගන්නා මෙම ශිෂ්‍යාව ‘ස්මාට් ෆෝන්’ මගින් දක්නා ලද ත‍්‍රාසජනක දර්ශන අනුගමනය කරන ලද මවා පෑමක් බව මහනුවර පොලිසිය පවසයි.

පැහැර ගැනීමකට ලක්වූ බව කියන දැරිය තමන් ඉගෙන ගන්නා බාලිකා විද්‍යාලයට නුදුරු ස්ථානයකදී සොයා ගැනීමෙන් පසුව පොලිසිය සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ දැරිය ව්‍යාජ කතා පුවතක් නිර්මාණය කර ඇති බවකි.

දැරියගේ දෙමාපියන් කැඳවා පොලිසිය කරුණු පැහැදිලි කිරීමෙන් පසුව දෙමාපියන් තුළ පැවති බිය සංකා පහව ගොස් ඇති බවද පොලිසිය පවසයි.

‘ස්මාට්’ ෆෝන් ජංගම දුරකථනයෙන් ත‍්‍රාසජනක සිද්ධින් ඇතුළත් දර්ශන නැරැුඹීම සිරිතක් කරගත් දැරිය මෙලෙස ව්‍යාජ රංගනයක යෙදී ඇති බව දැරියගේ මවුපියන්ට පෙන්වාදී ඇත.

කෙසේ වුවත් දරුවන් කුඩා අවදියේ සිටම ඔවුන්ගේ කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් දෙමාපියන් විමසිලිමත් විය යුතු බව පොලිසිය දෙමාපියන්ට පවසා ඇත.

දැරිය පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් උපරිම ලෙස විමර්ශනයක් සිදු කරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පොලිසියට උපදෙස් දී තිබිණ. කෙසේ වුවත් දැරිය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණ.

- සිරිල් විමලසුරේන්ද්‍ර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.