Sep
17
පාස්කු ප‍්‍රහාරය කතෝලික පල්ලිය දැන සිටියා - හරීන්ගෙන් ප‍්‍රබල හෙලිදරවුවක්
පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශයක් හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ඒ, කාදිනල් හිමියන්, ප‍්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත්ව සිටියේ ද යන්න පිළිබඳ විශේෂ විමර්ශනයක් කළ යුතු බවට හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා කොමිසම හමුවේ ප‍්‍රකාශ කිරීමත් සමගයි. පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබද තම පියා දැනුවත්ව සිටියේ යැයි හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් එම කොමිසම ඊයේ ඔහුගෙන් සාක්ෂි සටහන් කර ගත්තා.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු තම පියාට මෙම පෙර දැනුවත්කිරීම සිදු කළේදැයි සැක සහිත බවයි හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා කොමිසම හමුවේ සදහන් කළේ. මෙහිදී කොමිසමට කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කියා සිටියේ, පාස්කු ප‍්‍රහාරයට පෙර දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් නන්දලාල් නමැත්තකු, හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයාගේ පියා සමග තත්ත්පර 356 ක දුරකථන සංවාදයක නිරත වී ඇතැයි දුරකථන දත්ත වාර්තා ඔස්සේ අනාවරණය වී තිබෙන බවයි.
වනාතවිල්ලූව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට සහ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ සමාජික ආමි මොහිදින් නැමැත්තා සොයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පාසිකුඩා ගිය අවස්ථාවට මෙම නන්දලාල් නැමැති සැරයන්වරයා සම්බන්ධ වී තිබෙනවා. ප‍්‍රහාරයෙන් පසු ආමි මොහිදින් නමැත්තා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ දුරකතනයේ තිබි සොයාගෙන තිබුනේද මෙම නන්දලාල් නැමැත්තාගේ ඡුයාරූපයක් බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා මෙහිදී ප‍්‍රකාශ කළේ. මෙහිදී මන්ත‍්‍රීවරයා කොමිසම හමුවේ වැඩිදුරටත් පැවසුවේ, කිසිඳු අවස්ථාවක තම පියා, තමන් අමතා පෞද්ගලිකව පල්ලිවලට යන්න එපා යැයි නොකී අතර ඔහු තම සොහොයුරිය අමතා කී දෙය පාස්කු ප‍්‍රහාරය සිදුවු දින පැවති මාධ්‍ය හමුවක දී තමන් පැවසු බවයි.
මෙරට කතෝලික සභාවේ නායකයා සෑම වර්ෂයකම පාස්කු ඉරුදින උදෑසන දිව්‍ය පුජාවක් පවත්වන පසුබිමක, පසුගිය වසරේ පමණක් කාදිනල් හිමිපාණන් එම දිව්‍ය පුජාව නොපවත්වන ලද්දේ උන්වහන්සේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත්ව සිටි නිසාද යන්න පිළිබඳ විශේෂ විමර්ශනයක් කළ යුතු බවයි හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා ජනාධිපති කොමිසම හමුවේ පැවසුවේ.
මන්ත‍්‍රීවරයාගේ එම ප‍්‍රකාශයත් සමග නැගී සිටි කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ප‍්‍රශ්න කර සිටියේ අගරදගුරු හිමිපාණන් සෑම වර්ෂයකම පාස්කු දේව මෙහෙය පවත්වන්නේ පාස්කු ඉරුදිනට පෙර සෙනසුරාදා දින මධ්‍යම රාත‍්‍රීයේ බවත්, පසුගිය වසරේද සුපුරුදු පරිදි අපේ‍්‍රල් 20 වන දින මධ්‍යම රාත‍්‍රීයේ කාදිනල් හිමිපාණන් කොටහේන සාන්ත ලූසියා ආසන දෙව්මැදුරේ එම දිව්‍ය පුජාව පැවැත්වු බවත් මම ඔබට යෝජනා කළහොත් එය පිළිගන්නේද යන්නයි.
එහිදි හරීන් ප‍්‍රනාන්දු මන්තී‍්‍රවරයා කියා සිටියේ, තමන් ඒ පිළිබද නොදැන සිටි අතර ඉහත කළ ප‍්‍රකාශය පදනම් විරහිතව හුදෙක් මනසට ආ පමණින් සාක්ෂි නොමැතිව ප‍්‍රකාශ කළේ යැයි පිළිගන්නා බවයි.