Sep 03

දැරියන් තිදෙනෙකු අපයෝජනයට ලක් කළ පාසලේ මුරකරු අත්අඩංගුවට


පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකු අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන්, එම පාසලේ මුරකරු අත්අඩංගුවට ගෙන, අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු විසින්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමා වෙත ලිපියක් මගින් කරන ලද දැනුම් දීමකට අනුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයකින් අනතුරුවය.

සැකකරු වයස අවුරුදු 39ක පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වින්දිත දැරියන්ගෙන් සහ පාසලේ විදුහල්පතිතුමන්ගෙන්, ගුරුවරුන්ගෙන් හා දැරියන්ගේ දෙමව්පියන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

වින්දිත දැරියන් හා සැකකරු වෛද්‍ය පර්යේෂණ සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර ඇති අතර, සැකකරු බාල වයස්කාර දැරියන් තිදෙනාට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනතේ 5 වන වගන්තියෙන් සංශෝධිත 345 වන වගන්තිය යටතේ, නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ, නියෝජ්‍ය සභාපති විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරු නීතිඥ සුජාතා අලහප්පෙරුම, අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන යන මහත්ම මහත්මීන්ගේ මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති N. කදිරගාමර්, උ.පො.ප. සෝමසිරි, පො.සැ. (48830) විමලසේන, කා.පො.කො. (10549) මධුවන්ති, කා.පො.කො. (10770) ලක්මාලී යන නිලධාරී මහත්ම මහත්මීන් විසින් මෙම සිද්ධියට අදාළව විමර්ශන කටයුතු සිදු කර තිබේ.

- මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.