Sep
13
රක්ෂිතය එළිකලාට කිරිඇල්ලගේ දියණියට විරුද්ධව නඩු !
මධ්‍යම පරිසර අධිකාරිය විසින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය වන චාමි කිරිඇල්ලට විරුද්ධව නඩු පවරා තිබේ.
ඇයට ගොනු කර ඇති චෝදනාව වන්නේ හන්තාන රක්ෂිතයේ පරිසර සංවේදී භූමියක් එළිපෙහෙළි කිරීමයි.
කෙසේ වෙතත් මෑතක දී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ ඉඩම තම පරම්පරාගත දේපළක් බවයි.
නමුත් සංවේදී පරිසර පද්ධතියක පිහිටීම නිසා සංවිධානය කළා පිහිටි එහි ගස් නොකැපූ බවද ඔහු සඳහන් කළේය.
මිට පෙර මාධ්මය වාර්හතා කර තිබුනේ, හන්තාන කඳුවැටියේ ඉහළ කොටසේ අක්කර 20 ක පමණ ප්‍රදේශයක් සංවර්ධන කටයුත්තක් සඳහා හෙළිපෙහෙළි කරමින් ඇතැයි හන්තාන සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
මෙසේ හෙළි කරමින් ඇත්තේ හන්තාන උඩුවෙල උඩගම නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ජල පෝෂක කලාපයක් යයිද සංවිධානය පවසයි.
කඳුවැටියේ අඩි 2500-3000 අතර කලාපයේ මෙම කොටස පිහිටා ඇති බව ද මේ දිනවල මෙම ඉඩමේ මානං ඉවත් කරමින් ඇති බවද සංවිධානය පෙන්වා දෙයි.
එම කොටස් එම ඉඩම කොටස් අලෙවි කිරීම සඳහා එළිපෙහෙළි කරමින් ඇති අතර පර්චසයක් රුපියල් ලක්ෂ තුන බැගින් විකිණීමට නියමිත බව ද ප්‍රදේශවාසීන් සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මහනුවර කාර්යාලයේ අධ්යක්ෂ වරයා සඳහන් කරන්නේ අදාළ ඉඩම් කොටස මීට වසර දෙකකට පමණ පෙර ගාල්ල ප්‍රදේශයේ අයෙකුට නිත්‍යානුකූල ලෙස ලබාදුන් එකක් බවයි.
නමුත් මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරන්නේ හන්තාන කළාපයේ කිසියම් කටයුත්තක් සිදු කරන්නේ නම් අවසර ලබා ගත යුතු බවය.
Source : Lanka C News