Sep
01
චොකා මල්ලිගේ පාර්ලිමේන්තු ගමන තීරණය කරන්න නීතිපතිට බෑ..
ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි බවට නීතිපතිවරයා ප්‍රකාශ කර ඇතත් එය ඔහුට තීරණය කළ නොහැකි යැයිද එය තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව සහ කථානායකවරයා විසින් බවද ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා ඊයේ සඳහන් කළේය.
උසාවිය තුළ එතුමාට පුළුවන් නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ හැකියාවෙන් තමයි නීතිපතිවරයා පැමිණිල්ල වෙනුවෙන් පෙනී ඉඳලා ප්‍රේමලාල් මන්ත්‍රිතුමාට අදාළ දඬුවම ලබාදුන්නේ යැයිද නානායක්කාර මහතා කීය.
“එම නීති කටයුත්ත අභියාචනයකට යොමු කර තිබෙනවා. නීතිපතිතුමාට පුළුවන් එහිදී දුන්න තීන්දුව ස්ථිර කරගන්න. ඒක එතුමාගේ රාජකාරියක්. නමුත් අභියාචනාධිකරණයට යොමු කළ අවස්ථාවේ සිට මන්ත්‍රිවරයාගේ වරදකරු වීමේ තීන්දුව අත්හිටුවනවා. මේ වනවිට ඔහු වැරැදිකරුවකු නොවේ. මන්ද අවසාන තීරණය ලබාදෙන්නේ අභියාචනාධිකරණයෙන් නිසා” යැයිද අමාත්‍යවරයා ඊයේ (31දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
- මව්බිම - ක්‍රිෂාන්