Sep
21
අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍යවල බොහෝ පිරිස් විවිධ මත පළ කරමින් සිටිනවා.
එමෙන් එම අනතුරෙන් මිය ගිය අයගේ සමීපතමයෙකු සිය සමාජ මාධ්‍යයෙහි තැබු සටහනක් මේ වනවිට විශාල කතිකාවක් නිර්මාණය කර තිබෙනවා.
එම සටහන පහතින්...
"මනුස්සකමක් නැති අසල්වාසීන්ගේ කුහකත්වය නිසා අද මගේ හොදම මිතුරාගේ සොදුරැ කැදැල්ල සුනු විසුනු විය.....
මහනුවර හිටපු බස්නායක නිලමේ වරයෙක් වන ලෙවුකේ බන්ඩාර නැමැත්තාගේ පස්මහල් ගොඩනැගිල්ල අද අළුයම කඩාවැටීමෙන් අසල නිවසේ නිදාසිටි මගේ හොදම මිතුරා, බිරිද හා මාස එකහාමාරක් වයසැති බිළිදියට තම ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවිය.
තම නිවස කඩාවැටීමට පෙර තමන්ගේ බඩුභාහිරාදිය,රථවාහන හා බල්ලන් ඉවත්කරගන්නට සිහියක් වු මොවුනට තම නිවස කඩාවැටීමෙන් හානිට පතවියහැකි අසල්වාසීන් දැනුත් කිරීමට තරම් මනුස්සකමක් නොවීය...
ඇලිසහිත භූමියක අනවසර ලෙස කිසිදු : ප්‍රමිතියකින් තොරව සාදා ඇති මෙම ඉදිකිරීම සදහා අවසරය ලබාදුන් ;
නුවර මහනගරසභාව
ඉදිකිරීම් ආතන
භූවිද්‍ය සමීක්ෂණ ආතන හා
මෙම නිවෙස් හිමියන් මෙම ව්‍යසනය සදහා සෘජුව ම වගකිවයුතුය....
සල්ලිවලට , බලපුළුවන්කාරකම් වලට හිතවත් කම්ලට මෙම සිදුවීම යටගැසීමට ඉඩ නොදෙමු....
කුහක මිනිසුන්ට මනුෂ්‍යත්වයේ පාඩම් කියාදීමට කාලය එළඹ ඇත..
ධනුෂ්ක අරවින්ද ......"
මේ අතර ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි මිය ගිය 35 හැවිරිදි චමිල ප්‍රසාද් සහ 32 හැවිරිදි අචලා ඒකනායක යන අයගේ විවාහයේ ඡායාරූප මීට පෙර එක් කර තිබුණා.