Sep
09
වන අලි ප‍්‍රහාරයක් ජීවිත හතරක් අනූනවයෙන් බේරෙයි!
ගෝමරන්කඩවල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පෙරේදා (06දා) සිය නිවස බලා එමින් සිටියදී රාත‍්‍රි 9ත්- 10 ත් අතර කාලයේ දී ඔහු ගමන්ගත් වාහනයට වන අලියකු පහරදීමෙන් අනූනවයෙන් ජීවිතය බේරාගෙන ඇත.
සභාපති චන්දන විජිත කුමාර මහතා තිරියාය පන්කුලම මාර්ගයේ පැවැති ශ‍්‍රමදානයකට සහභාගිවී සිය නිවස පිහිටි තිරප්පනේ බලා එමින් සිටියදී මැදවච්චිය ටවර් එක ආසන්නයේදී මෙම පහරදීම සිදුකර ඇත.
”එකපාරටම අලියා පාර මැද ඉඳලා ඉස්සරහට ආවා. අපි දැක්කේ නෑ. තද කළුවර. පස්සේ වාහනය නැවැත්තුවා. අලියා එකපාරම වාහනය මතට කකුල තියලා පහර දෙන්න තැත් කළා. බොනට් එක පාගපු පාරට වීදුරුව කැඩුණා. පස්සේ විනාඩි 10ක් විතර අලියා වාහනය පෙරළන්න උත්සාහ කළා. ඇතුලේ හතරදෙනෙක් හිටියා. සේරම එකතුවෙලා හයියෙන් කෑ ගැහුවා. ටික වෙලාවකට පස්සේ අලියා ගියා.
අහල පහළ අයත් ඇවිත් කෑගහලා අලියා ඈතට එළවා දැම්මා. පස්සේ අපිට වාහනය ගේන්න බැරිවුණ නිසා එතනම දාලා ගෙදර ආවා. ජීවිතේ බේරුණේ දෙවියන්ට පින් සිද්ධ වෙන්න. වෑන් එක පෙරළුණා නම් ගහලා පොඩි කරනවා’ යැයි සභාපතිවරයා අප සමග පැවැසී ය.