Aug 03

"මුදල් ප්‍රශ්න නිසා මට ඒවා අතහරින්න වුණා" - තිසුරි


අවුරුදු දෙකක් ගත වෙද්දී ඔබේ තෝරා ගැනීම හොඳම තෝරා ගැනීම කියලා තව තවත් දැනෙනවාද?

ඔව්. සුරාජ් කියන්නේ සුන්දර කෙනෙක්. හොඳ කෙනෙක්. විවාහ වෙනවා කිව්වම අපි ඒක වගකීම් වැඩියි, බැරැරෑම් කියලා හිතනවනේ. හැබැයි අපේ ජීවිතයට හරි සහකාරයෙක් සහකාරියක් හම්බවුණොත් ජීවිතය හරි සුන්දරයි. මම සුරාජ්ව දන්නේ පොඩි කාලේ ඉඳන්. මට විවාහ යෝජනා ගොඩක් ඇවිත් තිබුණා. නමුත් කිසිම කෙනෙක් එක්ක මට සම්බන්ධයක් තිබ්බේ නැහැ.

සුරාජ් මගෙන් කැමැත්ත ඇහුවම එයාට බෑ කියන්න මට හිතුණේ නැහැ. ඒක පතාගෙන ආ නිසා වෙන්න ඇති. අදටත් මම ගත්ත වැදගත්ම, හොඳම තීරණය එයාව විවාහ කරගන්න ගත්ත තීරණය කියලා දැනෙනවා. අපි කෙනෙක්ව තෝර ගනිද්දී බාහිර දේවල්වලට වඩා ගතිගුණ ලස්සනද බලන්න ඕනේ. මගේ අම්මා මට කිව්වේ ‘කසාද බඳිනවනම් තමන්ව අරක්ෂා කරනවා කියලා දැනෙන කෙනෙක්ව අපේ ජීවිතයට එකතුකර ගන්න’ කියලා. අම්මා කියපු දේ හරි කියලා අදත් මට දැනෙනවා.

සුරාජ් කියන්නේ හොඳ ඇහුම්කන් දෙන්නෙක්ද?

ඔව්. යාළුවෙලා ඉන්න කාලේ ඉඳන් මට එයාට හංගන්න දෙයක් තිබිලා නැහැ. මම හරි විවෘතව කතා කරනවා එයා එක්ක. මම දවසේ වෙන දේවල් අම්මා එක්ක හැමදාම කියවන කෙනෙක්. ඉතිං මට සුරාජ් එක්කත් ඕන දෙයක් කතා කරන්න පුළුවන්. මගේ අම්මා වගේම එයත් මට ඇහුම්කන් දෙනවා.

දෙවැනි විවාහ සංවත්සරය සමරන්න වුණේ නෑ නේද?

පළමුවැනි විවාහ සංවත්සරයට සුරාජ් ලංකාවේ හිටියේ. හැබැයි මේ සැරේ එයා ලංකාවේ හිටියේ නැහැ. එයා නැවේ ඉන්නේ. දැන් ඕස්ට්‍රේලියාවේ. එයා අප්‍රේල්වල තමයි ලංකාවට එන්න හිටියේ. හැබැයි කොරෝනා ප්‍රශ්නය නිසා එයාට ලංකාවට එන්න විධියක් තිබ්බේ නැහැ. ඒ නිසා දෙවැනි විවාහ සංවත්සරයට සුරාජ්ට ඉන්න වුණේ නැහැ. දුකයි ඉතිං. ඒත් මොනවා කරන්නද? ලෝකයම මුහුණ දීපු ප්‍රශ්නයක්නේ. ඒ නිසා එයා එනකල් බලාගෙන ඉන්නවා.

දැන් තිසුරි ඉන්නේ අම්මා, තාත්තා එක්කද?

ඔව්. මේ දවස්වල ඉන්නේ අම්මයි, තාත්තයි එක්ක. සුරාජ්ගේ ගෙදරත් යනවා. ගෙවල් දෙකේම ඉන්නවා.

සුරාජ් එක්කම තිසුරිට තවත් හොඳ පවුලකුත් ලැබිලා තියෙනවා නේද?

සුරාජ් එක්ක මට ලැබුණු තිළිණයක් තමයි එයාගේ පවුල. සුරාජ්ගේ අම්මා, තාත්තා, මල්ලිලා දෙන්නා මගේම අම්මා, තාත්තා, සහෝදරයෝ වගේ. එයාලට මාව ලේලියක් නෙමෙයි. එයාලා මට දුවක් වගේ සලකන්නේ. අපේ දුකකදී සතුටකදී එයාලා සෙවණැල්ලක් වගේ ඉන්නවා. ඇස්වහක්නම් වදින්න එපා. අපි සතුටින් ජීවත් වෙනවා.

රංගන කටයුතු පැත්තෙන් මොකද වෙන්නේ?

පහුගිය කාලේ ලොකුවට වැඩ භාරගත්තේ නැහැ කොරෝනා ප්‍රශ්නය නිසා. සැමියා ලංකාවට එන්න ළඟ නිසා අලුත් නිර්මාණ ගොඩක් භාරගත්තේ නැහැ. අවුරුද්දට එක නාට්‍යයක් වගේ කරලා ඉන්නවා කියලා හිතුවා. ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ ටෙලි නාට්‍යක් කළා. එය විකාශය වෙන්න පටන් ගත්තොත් එහි ඉතිරි රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්න තියෙනවා.

තිසුරි අලුත් වැඩකුත් පටන්ගත්තා කියලා ආරංචියි?

ඔව්. මම Wedding Planning කරන්න පටන් ගත්තා. මම කාලයක් තිස්සේ ආසාවෙන් හිටපු දෙයක් ඒක. ඉතිං ඒ කටයුතුවලටත් මේ දවස්වල අවධානය යොමු කරලා තියෙනවා. වෙඩින් පැලෑනින් කරන්න මුල් අඩිය තිබ්බා. දැන් හිමින් හිමින් ඒ වැඩ කටයුතු කරගෙන යනවා. මගේ සැමියත් මට ලොකු සහායක් දෙනවා. එයා මට යෝධ සෙවණැල්ලක් වගේ.

ඔහොම ගිහින් තිසුරි රංගනයෙන් ඈත් වෙයිද..?

රංගන කටයුතු අත්හරින්නේ නැහැ. ටෙලි නාට්‍ය දෙක, තුනක් එකට කරන්න ගියොත් මට ගෙදර ඉන්නත් කාලය අඩුවෙනවා. ඒ නිසා අවුරුද්දකට හොඳ එක නිර්මාණයක් කළොත් ඇති කියලා හිතුවා.

සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?

ධර්ම යුද්ධය චිත්‍රපටය කළාට පස්සේ චිත්‍රපටවලට ආරාධනා ලැබුණා. දින නැතිකම, මුදල් ප්‍රශ්න නිසා මට ඒවා අතහරින්න වුණා. හොඳ ආරාධනාවක් ලැබුණොත්, ඒ මම කැමැති විදිහේ නිර්මාණයක් නම්, මම ඒකට සම්බන්ධ වෙනවා.

එක එක රංගන ශිල්පිනියන් හදාගෙන ඉන්න මුදල්මය වටිනාකමක් තියෙනවානේ. තිසුරිත් ඒ වටිනාකම හදාගෙනද ඉන්නේ?

හොඳ නිර්මාණවලට මුදල්ම බලන අවස්ථා අඩුයි. අපි නිර්මාණයකට කැපවෙනවා. අමාරුවෙන් තමයි අපි මේ තැනට ඇවිත් ඉන්නේ. නිර්මාණයක් බලන තරම් ලේසි නැහැ ඒක කරද්දී. අපි දණ ගාගෙන ඇවිත් මෙතැන හිටගත්තේ. අපි නිර්මාණවලට යම් ගාණක් හදාගෙන ඉන්නවා. කතාවක් තියෙනවනේ තමන් දක්ෂ නම් නිකන් වැඩ කරන්න එපා කියලා. මම මුදල්මය වටිනාකමක් හදාගෙන ඉන්නේ. මම නිර්මාණයට කැපවෙනවා නම්, ඒ නිර්මාණයට සාධාරණයක් කරනවා නම් මම හදාගත්ත වටිනාකම කොහොමත් කියනවා. අපි අපේ වටිනාකම අමාරුවෙන් හදාගත්තේ. අපි හැමෝම අපේ ස්ථාවරයේ ඉන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට නිර්මාණ බිස්නස් එකක් වෙලා. සමහර නිර්මාණවලට අපිට කතා කරන්නේ කැරැක්ටර් එකට ගාණ මෙච්චරයි කියලා. ඒවා ඉතිං නිර්මාණවලට වඩා බිස්නස් එකක්. ඉතිං එහෙම වැඩ කරන්න අමාරුයි. දැන් අමුතු රැල්ලක් හැදිලා තියෙන්නේ. ඒ රැල්ලට යන්න වුණත් ගහගෙන යන්නේ නැතිව වැඩ කරන්න අපි දැනගන්න ඕනේ.

තිසුරිට මවක් වෙන හීනය දැන්ම හැබෑ කරගන්න අදහසක් නැද්ද?

දරුවකුත් හදන්න ඕනේ. ලබන අවුරුද්දේ විතර ඒ බලාපොරොත්තුව හැබෑ කරගන්න හිතාගෙන ඉන්නවා. එන කෙනාට එන්නත් වෙලාවක් තියෙනවනේ. බාරගත්ත වැඩ ටිකත් ඉවර කරලා ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙනවා. බලමු.

- මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.