Aug 13

අධිකරණ ඇමතිගෙන් මහනුවරදී දැඩි තීරණයක් (වීඩියෝ)


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අවසන් පුද්ගලයා දක්වා නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් ලබාදීමට උපරිමයෙන්ම කැපවන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ මහනුවර පැවති උත්සවයකට එක්වෙමින්.

අධිකරණ අමාත්‍යධුරයෙන් පිදුම්ලත් ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පිළිගැනීමේ උත්සවයක් ඊයේ මහනුවර ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදී පැවැත්වුණා.

මේ අතර නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් කිහිපදෙනෙකුම අද සිය අමාත්‍යාංශ වලදී රාජකාරි කටයුතු ආරම්භ කළා.

ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස පත්වු පවිත්‍රාදේවි වන්නිආරච්චි, ආචාර්ය බන්දුල ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන,ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ සංචාරක අමාත්‍ය ලෙස ප්‍රසන්න රණතුංගද අද තම අමාත්‍යාංශ වලදී වැඩ කටයුතු ආරම්භ කළා.

මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු රාජකාරි කටයුතු ආරම්භ කළේ කුරුණෑගල - මීගමුව පාරේ පිිහිටි සිරි වජිරඤාණ මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුත්තට එක්වෙමින්.

මේ අතර, රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් කිහිප දෙනෙකුද අද සිය අමාත්‍යාංශවලදි වැඩ ආරම්භ කළා.

ආචාර්ය නාලක ගොඩහේවා, පියල් නිශාන්ත, ලොහාන් රත්වත්තේ ඩී.වී. චානක සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන රාජ්‍ය අමාත්‍යවරුන් ඊට අයත්.

කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිළිගැනීමේ උත්සව ඊයේ සහ අද විවිධ ප්‍රදේශවලදී පැවැත්වුණා.


-hirunews
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.