Aug 15

දෙන්නේ මාස 6යි, වැඩ නොකරොත් එක්කෝ මාරු, නැතිනම් ඇමතිකම් අහිමියි


අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මාස 6ක් ඉක්ම ගිය තැන වාර්තාවක් කැදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව වාර්තා වේ.

එම මාස 6 ඇතුළත අමාත්‍යවරයා සිය අමාත්‍යංශය තුළ සිදු කර ඇති වැඩ කොටස, ඉලක්ක සපුරාලීම, ආණ්ඩුවේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේද යන්න මේ මගින් සොයා බැලීමට නියමිතය.

යම් හෙයකින් අදාළ ඇමැතිවරයා නිසි අයුරින් ක්‍රියා කොට නොමැති නම් ඔවුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට හෝ මාරු කිරීමටද ජනාධිපතිවරයා තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.

මේ අතර, තමන්ට ලැබුණ මැති ඇමැති තනතුරු ගැන අසතුටට පත් අමාත්‍යවරුන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකවම දුරකථනයෙන් අමතා ඔවුන්ගේ විෂය කාර්යයන්හි වැදගත්කම අවබෝධ කර දී ඇත.

දයාසිරි ජයසේකර, ලොහාන් රත්වත්ත, රංජිත් සියඹලාපිටිය, විජයදාස රාජපක්ෂ යන මහත්වරු ඇතුළු කිහිපදෙනකුට ජනාධිපතිවරයා මෙලෙස දුරකථන ඇමතුම් ලබාදුන් බව සඳහන්ය.

විෂය කාර්යයන් නිශ්චිතව දක්වා ඇත්තේ ඒවාට සම්බන්ධ ප්‍රජාවට ද අමාත්‍යංශය පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින් බවත් එම අමාත්‍යංශවලින් බොහෝ නිර්මාණාත්මක කාර්යයන් ඉටු කළ හැකි බවත් ජනාධිපතිවරයා එම මැති ඇමැතිවරුන්ට දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.