Aug
02
ලංකාපුර ප්‍රා. ලේ. කාර්යාලයේ කොරෝනා ආසාදිත සේවකයාගේ බිරියටත් කොරෝනා
පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොරෝ්නාවෛරසය ආසාදිත සේවකයාගේ බිරිදට ද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, අදාළ කාන්තාවට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ දිනයේදී තහවුරු වූ බවය.
ඒ අනුව, ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව එක් අයෙකු පමණි.
මේ අතර, අද දිනයේදී කොරෝනාවෛරසය ආසාදනය වී සිටි 48 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව, මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 365 දෙනෙකි.