Aug
24
එප්පාවල ප‍්‍රදේශවලට ගංජා බෙදු යුද හමුදා කෝප‍්‍රල්වරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට
එප්පාවල හා ඒ අවට ප‍්‍රදේශවලට තොග වශයෙන් කේරළ ගංජා බෙදු බව කියන යුද හමුදා කෝප‍්‍රල්වරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එප්පාවල පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ ක්‍ෂණික මෙහෙයුමකදීයි.
සැකකරුවන් විශේෂයෙන් සකසන ඇසුරමක බහා ගංජා කිලෝග‍්‍රෑමයකට අධික ප‍්‍රමාණයක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එම කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වන බවයි පොලීසිය පැවසුවේ.
සැකකාර යුධ හමුදා කෝප‍්‍රල්වරයා කල්ලඩි ප‍්‍රදේශයේ් යුද හමුදා කඳවුරක සේවය කරන අයෙකු බවට අනාවරණ වී තිබෙනවා.