Aug
27
පේ‍්‍රම යෝජනාවට ටීචර් බෑ කීවිට මූණෙන් ලේ එන්න ගහලා.. සිද්ධියෙන් පස්සේ දෙන්නාම පාසල් ඇවිත් නෑ
සිද්ධියෙන් පස්සේ දෙන්නාම පාසල් ඇවිත් නෑ
උ/පෙළ සිසුන්ගේ අධ්‍යාපනයටත් බාධා
අයගම ප්‍රදේශයේ පාසලක උසස් පෙළ පංති සඳහා උගන්වන ගුරුවරයකු එම පාසලේම ගුරුවරියකට ගෙන ආ පේ‍්‍රම සම්බන්ධතා යෝජනාවට ඇය අකැමැත්ත ප්‍රකාශ කළ අවස්ථාවේ ඇයගේ මුහුණට පහරදීමේ සිදධියක් පිළිබඳ අයගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. ඉකුත් සිකුරාදා පහර කෑමට ලක් වූ ගුරුවරිය විසින් ම එම පැමිණිල්ල පොලිසියට කර තිබේ.
මෙම ගුරුවරිය ද උසස් පෙළ පංති සඳහා උගන්වන්නියකි. මේ වන විට මොවුන් දෙදෙනාම පාසලට නොපැමිණීම හේතුවෙන් උසස් පෙළ දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු අඩාල වී ඇතැයි එම දරුවන්ගේ දෙමාපියෝ පවසති.
තමන් එදින දහවල් විෂය සමගාමී කරුණු දරුවන්ට උගන්වමින් සිටින විට අදාළ ගුරුවරයා පැමිණ පංති කාමරයෙන් එළියට එන්න කියා කතා කර පේ‍්‍රම සම්බන්ධතා යෝජනාව ගැන විමසූ විට එයට අකැමැත්ත ප්‍රකාශ කළ අවස්ථාවේ කම්මුලට පහර දුන් බවත් එවිට තමාගේ මුඛයෙන් ලේ වහනය වූ බවත් ගුරුවරියගේ පැමිණිල්ලේ සඳහන් කර ඇත.
තව ද ඒ අවස්ථාවේ තම ලක්ෂ එකහමාරක් වටිනා ගෙල බැඳි රන් මාලය හා පෙන්ඩනය කඩා දැමීම ද අදාළ ගුරුවරයා විසින් සිදුකරන ලද බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ය.
මේ පිළිබඳ අයගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණසේන මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.
කිරිඇල්ල - ඞී.කේ. කුමාර