Aug 30

හිරකාරයන්ට කුඩු ඇද්ද නියාමක අල්ලයි...


වැලිකඩ බන්ධනාගාරය වෙත හෙරොයින්, ජංගම දුරකථන ඇතුළු තහනම් භාණ්ඩ රැගෙන ගොස් රැඳවියන්ට ලබාදී රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපයීමේ ජාවාරමක ප‍්‍රධානියා ලෙස කටයුතු කළ බන්ධනාගාර නියාමක සංගමයේ සභාපතිවරයා රුපියල් දශලක්ෂයක හෙරොයින් තොගයක් සමග පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (27) වැනිදා රාති‍්‍ර අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරමට සම්බන්ධ බන්ධනාගාර නියාමකවරයා වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේ රාජකාරි කරන නිලධාරියෙකි. මොහු මෙම ජාවාරමේ නිරත වන බවට පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් 46671 සම්පත් මහතාට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් පෙරේදා සවස දෙමටගොඩ සහශ‍්‍රපුර නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කර ඇත.

එහිදී වැලිකඩ බන්ධනාගාරය වෙත රැුගෙන යෑමට සූදානම් කර තිබූ රුපියල් දශලක්ෂයක් පමණ වටිනා හෙරොයින් ග‍්‍රෑම් 94 ක් එම නිවසේ තිබියදී පොලිසියට සොයාගැනීමට හැකි විය.

සැකකාර බන්ධනාගාර නිලධාරියාගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ බන්ධනාගාරයේ රඳවා සිටින හයිබි‍්‍රඞ් සුදා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ලබාදීමට මෙම හෙරොයින් රැුගෙන යෑමට සූදානම් කර තිබූ බවයි.

හයිබි‍්‍රඞ් සුදා නමැති ජාවාරම්කරුගේ ගෝලයකු එම හෙරොයින් තොගය තමන්ට ලබාදුන් බවත් එය රැුගෙන ගොස් හයිබි‍්‍රඞ් සුදාට ලබාදුන් පසු රුපියල් හැටදහසක මුදලක් තමන්ට ලැබෙන බවත් සැකකරු පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.

මේ දිනවල බන්ධනාගාරය වෙත පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යොදා ඇති බැවින් හෙරොයින් රැුගෙන නොගොස් නිවසේ සඟවා තිබූ බව ද සැකකරු පොලිසියට පවසා තිබේ.

සැකකරු වසරකට ආසන්න කාලයක් තිස්සේ මේ ආකාරයට බන්ධනාගාරය වෙත හෙරොයින්, ජංගම දුරකථන, සිම්කාඞ් පත් ඇතුළු තහනම් භාණ්ඩ රැගෙන ගොස් රැුඳවියන්ට ලබාදී විශාල මුදලක් උපයා ඇති බව ද අනාවරණය වී ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසාද් රණසිංහ, අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ නානායක්කාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ එහි ස්ථානාධිපති ජයන්ත ධර්මකීර්ති මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක පතිරාජසූරිය, සැරයන්වරුන් වන 46671 සම්පත්, 41291 මංජුල, 73380 අමිල, කොස්තාපල්වරුන් වන 85009 වීරවංශ, කාන්තා කොස්තාපල් 9943 දීපා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.