Aug
21
නාමල් ජාතික ක්‍රීඩා සභාව උඩු යටිකුරු කරයි.. බැනපු හැමෝගෙම කට උත්තර නැති කරයි..
ක්‍රීඩා ඇමතිවරයා ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනයේදී උපදෙස් ලබාදීමට පිහිටුවා ඇති කවුන්සිලය ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා විසින් නම් කර ඇත.
හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු එම කවුන්සිලයට හිටපු නායක කුමාර සංගක්කාරද ඇතුලත් වෙයි.
මීට දින කිහිපයකට පෙර තරුණ සේවා සභාවට පත් කරන ලද අධ්යක්ෂවරුන් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කරන ලද සමාජ ජාල ක්‍රියාකාරීන් මෙම පත් කිරීම් සදහා විවේචන කිසිත් ඉදිරිපත් නොකර සිටීම විශේෂත්වයක් දරයි.
එම කවුන්සිලයේ සාමාජිකයන් මෙසේය.
- හිටපු නායක මහේල ජයවර්ධන මහතා – සභාපති
- හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා – කමිටු සාමාජික
- යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා – කමිටු සාමාජික
- රෝවේනා සමරසිංහ මිය – කමිටු සාමාජික
- සංජීව වික්‍රමනායක මහතා – කමිටු සාමාජික
- ජුලියන් බෝලිං මහතා – කමිටු සාමාජික
- යශ්වන්ත් මුතුතෙට්ටුවගම මහතා – කමිටු සාමාජික
- සුපුන් වීරසිංහ මහතා – කමිටු සාමාජික
- කස්තුරි විල්සන් මිය – කමිටු සාමාජික
- රුවන් කෑරගල මහතා – කමිටු සාමාජික
- රාජිත අම්පෙමොහොට්ටි මහතා – කමිටු සාමාජික
- රොහාන් ප්‍රනාන්දු මහතා – කමිටු සාමාජික
- මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාලගමුව මහතා – කමිටු සාමාජික
- අමල් එදිරිසූරිය මහතා – කමිටු සාමාජික