Aug
20
හඬ අනුව බහුතරය තෝරන්න එපා..- විමල් මුල් දවසේම අලුත් කතානායකට දන්වයි..
හඬ අනුව පාර්ලිමේන්තුවේ තීරණ නොගන්නා යුගය අවසන් කිරීමට කටයුතු කරන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා නව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.
අද පාර්ලිමේන්තුවේ 09 වන සැසිය ආරම්භයේදී වීරවංශ මහතා නව කතානායකවරයාට සුබ පතමින් මෙම ඉල්ලීම කළේය.
කතානායක හා පාර්ලිමේන්තුව ගැන පැවති අශෝභන මතකය අවසන් කර පාර්ලිමේන්තුව සහ කථානායක ධුරය ජනතා ගෞරවයට ලක් වන තත්ත්වයකට ගොඩනැගීමට ධෛර්ය ශක්තිය පතන බව ද ඇමතිවරයා සඳහන් කළේය.