Jul 28

කොළඹ දිනන “පොහොට්ටු, සමගි බලවේග සහ UNP” මන්ත්‍රීවරු ගැන වෘත්තියවේදීන්ගේ ස්වාධීන එකමුතුව කියපු දේ..!


වෘත්තියවේදීන්ගේ ස්වාධීන එකමුතුව සහ විශ්ව විද්‍යාලවල සිසුන් කන්ඩායමක් ඒකාබද්ධව සිදු කල සමීක්ෂණයක අවසන් ප්‍රතිඵලය ඔවුන් විසින් එළි දක්වා තිබෙනවා.කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ 15 ක් නියෝජනය වන පරිදි 7200 ක පමණ නියැඳියකින් යුතුව ඔවුන් විසින් මෙම සමීක්ෂණය සිදු කොට තිබෙනවා.


මෙහිදී ඔවුන් විසින් වයස් කාණ්ඩ 3 කට වර්ගීකරණය කොට ඇති අතර ඒ අනුව අවුරුදු 18-25, 26-40 සහ අවුරුදු 40 ට වැඩි ලෙස බෙදා වෙන් කොට තිබෙනවා. මෙහිදී 51% ක් කාන්තා නියෝජනයක් සහිතව මෙම නියැඳිය ලබා ගෙන ඇති අතර රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවකයින් මෙන්ම තරුණ තරුණයින්ද ඔවුන්ගේ සමීක්ෂණය සඳහා සහභාගී කරවා ගෙන තිබෙනවා.


ඒ අනුව මහා මැතිවරණය පිලිබඳව සිදු කල මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව මෙවර ජන්ද ප්‍රකාශය පසුගිය ජනාධිපතිවරණය හා සසඳන කල 15%-20% ක පමණ අඩු වීමක් දක්නට ලැබෙනවා. පවතින ආපදාව සහ පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුන පාවෙන ජන්ද බොහොමයක් මෙලෙස ජන්ද පොලට නොයනු ඇති බවටයි මෙම සමීක්ෂණයේදී කරුණු අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් ප්‍රකාශිත ජන්ද අනුව 47%-49% ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබා ගන්නා බව එම වාර්තාවේ සඳහන් වී තිබෙනවා. ඒ අනුව ඔවුනට හිමිවෙන මන්ත්‍රීධූර ප්‍රමාණය 10 ක්.

සරත් වීරසේකර සහ විමල් වීරවංශ අතර පලවන ස්ථානය සදහා තියුණු තරගයක් ඇති අතර බොහෝ විට සරත් වීරසේකර මහතා එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වෙනු ඇති. ඔහු ලබා ගන්නා මනාප ප්‍රමාණය ලක්ෂ 4 ඉක්මවනු ඇති අතර දෙවෙනි ස්ථානයට විමල් වීරවංශ මහතා පත්වනු ඇත.

පසුගිය වතාවේ විමල් වීරවංශට තිබූ මහජන ප්‍රසාදය මදක් අඩුවී ඇති බවත් එම වාර්තාව සදහන් කරනවා.

තුන්වන ස්ථානයට උදය ගම්මන්පිල පත් වන අතර විජයදාස රාජපක්ෂ ඔහුට යම් සටනක් ලබා දෙනු ඇති අතර පස් වෙනි ස්ථානයට දිනේශ් ගුනවර්ධන තේරී පත් වෙනු ඇත.බන්දුල ගුණවර්ධන හයවෙනි ස්ථානයට තේරී පත් වන බවයි එම වාර්තාව සඳහන් කරන්නේ.


එක්සත් ජාතික පක්ෂයේ බෙදීම නිසා එහි වැඩි වාසිය සජිත් පිලට ලැබෙනු ඇති අතර 15 % ක් පමණ එජාපයට සම්බන්ධ පාක්ෂිකයන් ඡන්දය ප්‍රකාශ නොකරනු ඇති බව උපකල්පනය කර තිබෙනවා. එහි වැඩි වාසිය පොදු ජන පෙරමුණට හිමිවෙනු ඇත.

සමගි ජන බලවේගය මන්ත්‍රී ධූර 6ක් හිමි කර ගන්නා විට නායක සජිත් ප්‍රේමදාස පලමු තැනද, පාඨලී චම්පික රණවක දෙවැනි තැනටද පත්වන බව දක්වා තිබෙනවා.සජිත් ප්‍රේමදාස මහතාට 85% ඉක්මවනු මනාප ප්‍රථිපලයක් පාක්ෂිකයින්ගෙන් ලැබෙනු ඇති අතර තුන්වන තැනට මුස්ලිම් අපේක්ශකයෙක් පැමිණෙතැයි ඔවුන් උපකල්පනය කරන බව දක්වා තිබෙනවා.

මීට අමතරව නවක අපේක්ෂකයෙක් වන නීතිඥ එරන්ද වැලිඅන්ගේ විසින් හතරවන ස්ථානය ලබා ගනු ඇති බවටයි එහිදී අනාවරණය වී ඇත්තේ. තරුණ ජන්දවල ආකර්ෂණයක් මෙන්ම සජිත් ප්‍රේමදාස සහ චම්පික රණවක ගේ සහාය ඔහුට හිමිව ඇති බවද එම වාර්තාවෙන් කියා සිටිනවා.

මීට අමතරව සුජීව සේනසිංහ සහ ,හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අතර ද්වන්ද සටනක් නිර්මාණය වනු ඇති බවටයි එහි සදහන් කර ඇත්තේ. පසුගිය වරට වඩා ඔවුන් දෙදෙනාගේම මනාප සැලකිය යුතු ප්‍රමාණයක් අඩුවන බවද එම වාර්තාවේ දැක්වෙනවා. මුස්ලිම් ජන්දවල යම් සැලකිය යුතු ප්‍රතිශතයක් ඒ.එච්.එම්.ෆවුසි මහතාටද හිමිවෙනු ඇත.


එක්සත් ජාතික පක්ෂයට හිමිවන මන්ත්‍රීධූර 2 එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ උප නායක රවී කරුණානායක විසින් ලබා ගනු ඇතැයි අනාවරණය වී තිබෙනවා.


ජාතික ජන බල වේගයට එක් ආසනයක් හිමිවනු ඇති බවයි එම සමීක්ෂණ වාර්තාවේ වැඩි දුරටත් දක්වා ඇත්තේ.එම ලැයිස්තුවේ මුල්ම ස්ථානයට අනුර කුමාර දිසානායක මහතා පත්වනු ඇත.

ඔවුන් විසින් අන්තර්ජාලයේ සිදුකල සමීක්ෂණ වල දත්ත වාර්තා කිහිපයක්ද නිකුත් කර තිබෙනවා.

උපුටා ගැනීම : Lanka News Wire
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.