Jul
03
‘‘මට ඉගෙන ගන්නත් බැහැ. මම අද මැරෙනවා. බායි’’ යනුවෙන් කෙටි ලිපියක් ලියා තබා මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට ඉදිරිපත් වීමට සිටි සිසුවියක් වස පානය කර මිය යෑමේ සංවේගදායී පුවතක් බළන්ගොඩ බෙල්ලන්කන්ද ප්‍රදේශයෙන් අසන්නට ලැබිණ.
මෙසේ මියගිය එම්. කේ. තරුණිකා කුමාරි (16) නමැති සිසුවියගේ මරණය පිළිබඳ පරීක්ෂණය රත්නපුර මහ රෝහලේදී පවත්වන ලදි. එහිදී සාක්ෂි දුන් මියගිය අයගේ පියා වන එම්. කේ. ධර්මදාස මහතා මෙසේ පැවසීය.
‘‘සිද්ධිය වු දින මමත් බිරිඳත් පුතාත් ත්‍රීවීල් එකෙන් මට බෙහෙත් ගැනීමට පින්නවල රෝහලට ගියා. මෙම දියණිය මෙවර අ.පො.ස. විභාගයට පෙනී සිටින නිසා ගෙදරට වී පාඩම් කරන්න කීවා. මැය ටී. වී. බැලීමට තදින්ම ඇබ්බැහි වී සිටිනවා. කීපවිටක් අවවාද කළා, එහෙත් පොඩි දේටත් අඬනවා. ඒ නිසා වැඩිපුර කරදර කළේ නැහැ. දිනක් පුතා ටී. වී. එකේ ඇන්ටනා වයරය පවා ගලවා දමා පාඩම් කරන්නැයි නංගීට අවවාද කළා. මේ හේතුව නිසා දින දෙකක් කන්නෙ බොන්නෙ නැතිව අඬමින් හිටියා. අපි දහවල් 12.30 ට පමණ ගෙදර එන විට දුව ඇඳේ නිදාගෙන හිටියා. ඇඳ අසල වමනය දමා තිබුණා. වස ගඳ වහනය වෙමින් කටින් පෙන දැම්මා. වහාම බළන්ගොඩ රෝහලටත් පසුව රත්නපුර රෝහලටත් ගෙන ගියා. එහිදී මිය ගියා.’’
පශ්චාත් මරණ පරීක්ෂණය රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛi නිලධාරි වෛi කේ. පී. පට්ටියවත්තගේ මහතා විසින් සිදුකළේය. සාක්ෂි මෙහෙයවීම පින්නවල පොලිසියේ පො. සැ. (60507* ජනක මහතා විසින් සිදුකරන ලදි.
රත්නපුර හදිසි මරණ පරීක්ෂක යූ. පී. සුගත් පේ‍්‍රමසිරි මහතා විසින් පරීක්ෂණය සිදු කළ අතර දුරදිග කල්පනා නොකර කටයුතු කිරීමෙන් වටිනා ජීවිතයක් අකාලයේ අහිමි වීම කනගාටුවට කරුණක් බව ද මෙය සියදිවි නසා ගැනීමක් බවටද තීන්දුව ප්‍රකාශ කළේය.
බළන්ගොඩ - එන්. එච්. පියසේන
Source - දිවයින