Jul
06
යකාබැඳි ඇල්ලට සිසුහු දෙදෙනා බිලි
මා ඔයේ යකාබැඳි ඇල්ලේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනකු ගිරිඋල්ල, මත්තේගම ප්‍රදේශයේ දී ඉකුත්දා (03 දා) සවස දියේ ගිලීමෙන් මියගොස් ඇති බව ගිරිඋල්ල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ පන්නල, ඉහළ කොටුවැල්ල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි නාරම්මල මයුරපාද විද්‍යාලයේ 12 වැනි වසරේ ඉගෙනුම ලබන ඒ. එම්. අදීෂ අබේකෝන් සහ මත්තෙගම, සල්මල් උයන ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලේ 12 වසරේ ඉගෙනුම ලබන එල්. ආර්. මලීෂ සසිමාල් නමැති සිසුන් දෙදෙනකු බවද පොලිසිය පවසයි.
හත් දෙනකුගෙන් සමන්විත තරුණයන් කණ්ඩායමක් රබර් ටියුබ් රැුගෙන ඉකුත්දා දහවල් 12 ට පමණ යකාබැඳි ඇල්ලට ගොස් ඇති බවත්, ඔවුන්ගෙන් සිව්දෙනකු ඒවා පදිමින් සිටින අතරතුරදී මෙම අනතුරට මුහුණ පා ඇති බවට පොලිසිය විසින් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවද පොලිසිය කියයි.
ඇල්ල අසල සිටි සෙසු තරුණයන්ගේ විලාපය ඇසී ඒ අසලට පැමිණි ප්‍රදේශවාසීන් පිරිසක් දියේ ගිලී සිටි සිසුන් ගොඩට ගෙන පොලිසියේ සහාය ඇතිව දඹදෙණිය මූලික රෝහලට රැුගෙන ගිය බවත් සඳහන් වේ. ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඊ. පී. ඒ. සමරකෝන් මහතාගේ මෙහෙය වීමෙන් අනතුර සම්බන්ධයෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
සඳලංකාව - ධම්මික රාජපක්ෂ
Source - දිවයින