Jul
28
මාර්ග නීති කැඩූ සනත් නිශාන්තට එරෙහිව විමර්ශනයක්
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත් නිශාන්ත මැතිවරණ නීති උල්ලංඝණය කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වයඹ පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සදහන් කළේ ඒ පිළිබද වාර්තාවක් ලබාගැනීමටද කටයුතු කර ඇති බවයි.
ලියාපදිංචි නොකළ යතුරු පැදිවල නැග හිස් වැසුම්ද නොමැතිව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සනත් නිශාන්ත මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරත වූ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. ඒ සම්බන්ධයෙන් වන ඡායාරූප කිහිපයක්ද ඉකුත් දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා.