Jul 02

මුත්තයියා පොහොට්ටු වේදිකාවට ගොඩවෙයි


තමන් දේශපලනයට පිවිසමට අකමැති නිසා ජනාධිපතිතුමාගේ ඉල්ලිමක් මත තම සහොදරයාව ජනතාවට සේවය කිරිම සදහා දේශපාලනයට යොමු කල බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් මහතා පැවසිය.

මුත්තයියා මුරලිදරන් මහතා එ බැව් කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරග කරන මුත්තයියා මුරලිදරන් මහතාගේ සහොදරයා වන මුත්තයියා ප්‍රභාකරන් මහතාගේ මස්කෙලිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකට එක් වෙමිණි.

මෙම රැස්විමේදි වැඩිදුරටත් අදහස් දැක් වු මුත්තයියා මුරලිදරන් මහතා කියා සිටියේ

මම ඇත්තටම දේශපාලනයට කැමති නැ , අපේ පවුලේ කවුරුත් හිතුවේ මගේ සහෝදරයා දේශපාලනයට එයි කියලා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වෙන්න කලින් මට ඉල්ලිමක් කරා වියත් මගට ඇවිල්ලා මට වැඩ කරන්න පුළුවන් කියලා. මම ඒක හරි සන්තොසෙන් පිලි ගත්තා.

ගෝඨාභය රාජපක්ෂ වැඩ කරන නායකයෙක් , වැඩ කරන්න පුළුවන් නායකයෙක් , එ නිසා මම ජනතාව අතර ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන්න කටයුතු කලා.

ඊට පස්සේ මැතිවරණය ඉවර වෙලා ජනාධිපතිවරයා මට කතා කරලා තියෙනවා , මුරලි ඔයාට හොදට වැඩ කරන්න පුළුවන් එ නිසා උතුරේ ආණ්ඩුකාර ධුරය ගන්න කියලා.

මම එතුමාට කිව්වා සර් මට ඇත්තටම දේශපාලනය තේරෙන්නේ , මම ක්‍රිඩකයෙක් ,මම මිනිස්සුන්ට උදව් කරන්න තමයි කැමති. එ නිසා මම දේශාපලනය කරන්න කැමති නැ මාත් එක්ක තරහා වෙන්න එපා කියලා.

එතුමා ඊට පස්සේ හිනාවෙලා කිව්වා කමක් නැ එහෙනම් මම වෙන පුද්ගලයෙක් දාන්නම් කියලා.

මාස දෙකකට පස්සේ ආයෙත් කතා කරලා කිව්වා මට උදව්වක් වශයෙන් මේ පාර මැතිවරණයට තරග කරන්න කියලා. මම කිව්වා සර් මම කොහොමත් දේශපාලනයට කැමති නැ කියලා .

ඊට පස්සේ සර් කිව්වා ඔයාලා වගේ කට්ටය මාත් එක්ක වැඩ කරේ නැත්තම් මේ රට ගොඩ ගන්න බැ කියලා .

මම කිව්වා එහෙනම් සර් මම මගේ බාල සහොදරයා ඉදිරිපත් කරන්නම් , එයා දක්ෂයි , මම එයාගේ පිටිපස්සෙන් ඉදන් උදව් කරන්නම් කියලා.

එ නිසා තමයි මගේ මල්ලි දේශපාලනය ඇවිල්ලා තියෙන්නේ , අපිට දේශපාලනය එන්න උවමනාවක් නැ .

සල්ලි තියෙනවා , කොම්පැනිස් තියෙනවා , ඕන රටට පිලිගන්න නමක් හදාගෙන තියෙනවා.

ගොඩාක් අය දේශපාලනයට එන්නේ නම හදා ගන්නත් , සල්ලි හම්බ කරන්නත්. අපිට එ දෙකම අවශ්‍යය නැ , අපිට ඕනි ජනතාවට සේවය කරන්න කොහොම හරි.

එ නිසා මුලින්ම පොහොට්ටුව දිනවන්න , අනිවාර්යෙන්ම පොහොට්ටුව තමයි දිනන්නේ. එකේ පංගුවක් වුනොත් අපිටත් මේ පලාතට විශාල දෙවල් ලබා ගන්න පුළුවන්.

එ නිසා මගේ සහොදරයා ප්‍රභුවත් දිනවලා , පොහොට්ටුවත් නුවරඑලියෙන් දිනවා අපි ඉදිරියට යමු යනුවෙන් පැවසිය

– හැටන් රංජිත් රාජපක්ෂ
Source - Lanka C News
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.