Jul 07

සිසුවා සහ සිසුවිය පොල්ගොල්ල ජලාශයට පැන්න අනුවේදනීය කතාව (වීඩියෝ)


කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් පොල්ගොල්ල නවයාලතැන්න දුම්රිය පාලම මතින් අද (07) අලුයම 5.45 ට පමණ පොල්ගොල්ල ජලාශයට පැන ඇති පාසල් සිසුවෙකු හා සිසුවියෙකු මරණයට පත්ව තිබෙනවා.

ප්‍රේම සම්බන්ධතාවයක් මත මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ පොල්ගොල්ල නවයාලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි ශාමලී හර්ශනි රත්නායක නැමැති 15 හැවිරිදි සිසුවියක හා පල්ලේතලවින්න ප්‍රදේශයේ පදිංචිව සිට් අකිල විජේරත්න නැමැති 16 හැවිරිදි සිසුවෙක්.

මොවුන් ප්‍රදේශයේ පාසල් දෙකක 10 වන ශ්‍රේණියේ සහ 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ බව සඳහන්.

මෙම සිසුවිය සහ සිසුවා කලෙක සිට ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන සිට ඇති බව තොරතුරු සඳහන් වනවා.

මෙසේ මරණයට පත් සිසුවිය හා සිසුවා ඊයේ (06) දිනයේ සිට අතුරුදන්ව සිට ඇති අතර ඔවුනගේ දෙමාපියන් එම දිනය පුරා ඔවුන්ව සොයා අද (07) අලුයම් කාලයේ කටුගස්තොට පොලිසියට පැමිණිලි කොට ඇති අතර එම අවස්ථාවේ ඔවුනට දැනගැනීමට හැකිව ඇත්තේ මෙම දරුවන් දෙදෙනා නවයාලතැන්න දුම්රිය පාලම මත සිටින බවයි.

දරුවන්ගේ දෙමාපියන් වහා එම ස්ථානයට ගොස් දුම්රිය පාලම මැද සිටි දරුවන් හට කතා කරන අවස්ථාවේ ඔවුන් දෙදෙනා එකිනෙකා වැළඳගෙන මහවැලි ගඟට පැන්න බව එම දෙමව්පියන් පවසා තිබෙනවා.

දෙමව්පියන්ගේ කෑගැසීම අසා එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් විසින් ඊට මද වේලාවකට පසු සිසුවිය ගිය හා සිසුවාගේ සිරුරු ගොඩගෙන ඇතත් ඒ වන විට ද ඔවුන් මරණයට පත්ව සිටි බවයි කටුගස්තොට පොලිසිය සඳහන් කළේ.


-hirunews
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.