Jul
06
කුසල් මෙන්ඩිස් ඇප මත නිදහස්
අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු ක්රිකට් ක්රීඩක කුසල් මෙන්ඩිස් ශරීර ඇප දෙකක් සහ රුපියල් මිලියනයක මුදල් ඇපයක් මත මුදා හැර තිබේ.
ඒ, මාරාන්තික රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුසල් මෙන්ඩිස් මහතා අද (06) පානදුර මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ඊයේ (05) අලුයම පානදුර, හොරේතුඩුව ප්රදේශයේ පරණ ගාලු පාරේ ගමන්ගත් පා පැදියක, ඔහුගේ මෝටර් රථය ගැටී සිදුවූ අනතුරෙන් පාපැදිකරු ජීවිතක්ෂයට පත්විය.
එලෙස ජීවිතක්ෂයට පත්වූයේ, 64 හැවිරිදි පානදුර, ගොරකපොළ ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ඊයේ අත්අඩංගුවට ගැනුණු කුසල් මෙන්ඩිස් පානදුර උතුර පොලිස් ස්ථානයේ රඳවා සිටියේය.
Source - මව්බිම