Jul 15

කතරගම වන්දනාවේ පැමිණි කෝප්‍රල්වරයෙකුට කොරෝනා


පසුගිය දිනක කතරගම වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු බව හඳුනා ගැනීම හේතුවෙන්, ඔහු කතරගම පැමිණ නවාතැන් ගෙන සිටි නිවාඩු නිකේතනය, එහි හිමිකරු, බිරිඳ සහ සේවකයින් ඇතුළු 09 දෙනෙකු ඊයේ (14) දින සිට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පවසයි.

මෙලෙස කතරගම වන්දනාවේ පැමිණී ඇත්තේ රත්මලේ පාර, දිවුලන්කඩවල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි යුද්ධ හමුදා කෝප්‍රල්වරයෙකි.

ඔහු පසු ගිය 07 වන දා 20 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් සමග කතරගම වන්දනාවේ පැමිණ, අදාළ නිවාඩු නිකේතනයේ නවාතැන් ගෙන, කිරිවෙහෙර හා දේවාලයට ගොස් ආපසු 08 වන දින පිටත්ව ගොස් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය වෙත දැනුම් දී තිබේ.

එසේ ම, ඔහු සෙල්ලකතරගම හා අවට ස්ථාන කිහිපයකට ම ගොස් ඇති අතර පුද්ගලයන් රැසක් ද ඇසුරු කර තිබේ.

ඒ අනුව, මෙම කෝප්‍රල්වරයා කතරගම පැමිණි මොහොතේ සිට ඇසුරු කළ පුද්ගලයන් සොයා කතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබේ.

ඉදිරි දින කීපය තුළදී කතරගම ප්‍රදේශයෙන් තවත් ආසාදිතයන් හමු විය හැකි බැවින්, සෑම පුද්ගලයෙකු ම අත්‍යවශ්‍ය කාරණාවකට හැර නිවසින් බැහැර නොයන ලෙසත්, පුද්ගලයන් ඇසුරු කිරීම ඉතා ප්‍රවේශමින් සිදුකරන ලෙසත්, මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය නීති උපදෙස් පිළිපදින ලෙසත් කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා ප්‍රදේශවාසී ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

මේ අතර, මෙවර රුහුණු මහා කතරගම දේවාල පෙරහැර සඳහා සහභාගී වන ශිල්පීන් ආශ්‍රිතව අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව 'මව්බිම' කළ විමසීමකදී දැනගන්නට ලැබිණි.

ඩී. එන්. ජයසේකර - මත්තල
Source - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.