Jul 18

වැසිකිලි කාමරයකදී දැරියක් දූෂණය කර මරා දැමු නරුමයා රක්ෂිත බන්ධනාගාරයට


පුත්තලම - ආසිරිගම ප්‍රදේශයේදී සර්පයෙකු දෂ්ඨ කළ බව පවසමින් මව විසින් රෝහලට ඇතුළත් කළ දැරියගේ මරණය ලිංගික අපයෝජනයකට ලක්ව දැඩි ලෙස රුධිරය වහනය වීමෙන් සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙලිව තිබෙනවා.

පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ සුමිත් අත්තනායක කියා සිටියේ දැරියගේ මරණය සම්බන්ධයෙන් රෝහලේදී ඊයේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මේ බව තහවුරු වූ බවයි.

සර්පයෙකු දෂ්ඨ කළ බව පවසමින් දැරියගේ මව, තම දස හැවිරිදි දියණිය ඊයේ උදෑසන පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබුණා.

දැරිය පෙරේදා උදෑසන 07 ට පමණ රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ අතර, ඒ සම්බන්ධයෙන් සැකයක් පවතින බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තීරණය කිරීමත් සමඟ පොලිසිය දැරියගේ නිවස පරීක්ෂාවට ලක් කළා.

එහිදී ලේ කැටිති තැවරුණු ඇඳුම් කිහිපයක් ඉඩමේ ස්ථාන කිහිපයක වළ දමා තිබියදී පොලිසිය සොයාගත් අතර, මවගේ දෙවන විවාහයේ සැමියා විසින් දැරියට අතවර සිදුකර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

මියගිය දැරියගේ දේහය භාර ගැනීමට සිදුවන්නේද ඇයගේ මවට වන බැවින් රාත්‍රියේ අධික ලෙස රුධිරය වහනය වූ දැරිය රෝහල්ගත නොකිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී මවටද නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර, මීගමුව - පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටලයක වැසිකිලි කාමරයකදී වයස අවුරුද්දයි මාස 04ක දැරියක් දූෂණය කර බරපතල ලිංගික අපයෝජනයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු සහ මව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

වයස අවුරුදු 24 ක් වන අනියම් සැමියා විසින් මෙම දැරිය අපයෝජනය කර ඇති අතර, ඔවුන් යාචකයින් බවයි පොලිසිය සඳහන් කළේ.

- Hiru News
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.