Jul
23
කැස්බෑව කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කල සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
කැස්බෑව කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කර රන් භාණ්ඩ, මැණික් හා මුදල් කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු යුද්ධ හමුදා සෙබලා සහ අනෙක් සැකකරු, කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද (23) අවසර ලබා දුන්නේය.
එසේම, එම සැකකරුවන් දෙදෙනා හෙට (24) දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ට ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
ඉකුත් දා කැස්බෑවේ හෝටල් හිමිකරුවෙකු වූ ප්‍රසන්න සාගර කුමාර නමැති කෝටිපති ව්‍යාපාරිකයාගේ හිසට යකඩ මුගුරකින්ප හර දී ඝාතනය කර, දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණය වෙත මෙලෙස ඉදිරිපත් කෙරිණි.
ඒ, බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ අධිකරණ කටයුතු භාර උප පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මහතා විසිනි.
එම්. සී. පෙරේරා - මව්බිම