Jul 20

රැ දොළහට ඇහැරවගෙන ගිහින් පාන්දර තුනට විවාහ කරලා කලකිරුණු තරුණයා දිවි නසාගෙන


තම නිවසේ නිදාගෙන සිටි 19 හැවිරිදි තරුණයකු රාත‍්‍රි 12.00 ට පමණ ඇහැරවාගෙන ගොස් අලූයම 3.00 ට පමණ පල්ලියේදී විවාහ කරදීමේ සිද්ධියකින් පසු එම තරුණයා පසුදා පෙරවරුවේ ගෙල වැලලාගෙන මියයෑමක් මුල්කරගෙන ගම්පොල උලපනේ ප‍්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙන අතර ගම්පොල පොලිසිය ඒ පිළිබඳව පරීක්‍ෂණයක් අරඹා තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අමාල්ඞීන් මොහොමඞ් අස්කර් නමැති ගම්පොල උලපනේ නාවලපිටිය මාර්ගයේ පදිංචි තරුණයෙකි.

මොහු උලපනේ බෝගොල්ල ප‍්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක සමඟ පේ‍්‍රම සම්බන්ධයක් පැවැත්වූ බවත් එයින් එම තරුණිය ගැබිනියක වී ඇති බවත් චෝදනා කරමින් රාත‍්‍රි කාලයේදී නිවසට පැමිණ ඇති උලපනේ පල්ලියක පිරිසක් මෙම තරුණයා පල්ලියට කැඳවාගෙන ගොස් විභාගයක් නොපවත්වාම මෙම තරුණියට විවාහ කරදුන් බව මියගිය තරුණයාගේ පියා වන එම්. එස්. එම්. අෆාල්ඞීන් නමැති අය කියා සිටියි. ඉන්පසු මෙම තරුණයා එදිනම උදේ 9.00 ට පමණ ඔහුගේ ආච්චිගේ නිවසට ගොස් එහිදී ගෙල වැලලාගෙන ඇති අතර ඥාතීන් විසින් ඔහු නාවලපිටිය රෝහලට රැුගෙන ගියද මියගොස් සිටි බව පැවැසිණි.

මේ පිළිබඳව අදහස් දැක්වූ මියගිය තරුණයාගේ පියා සඳහන් කළේ පල්ලියේ සභාපති ඇතුළු කාරක සභාවේ 10 දෙනකු සම්පූර්ණ වැරදි වැඩක් කර ඇති බවයි. මුස්ලිම් විවාහ නීතිය යටතේ දෙපාර්ශ්වය සමඟ සාකච්ඡුා කොට එය සිදුකළ යුතු බවද සඳහන් කළ මොහු පරිපාලන සභාව මගින් තනි තීන්දු නොගෙන ආගමානුකූලව මවුලවි කෙනෙක් එය අසා කටයුතු කළ යුතු බවද ප‍්‍රකාශ කරමින් පරිපාලන සභාවේ සියලූ දෙනා පුතාගේ මරණයට වගකිව යුතු බවද කියා සිටියේය.

මේ අතර මෙම කාරණය මුල්කර ගනිමින් පල්ලිය තුළදී වූ සිදුවීමකින් පසු එක් අයකු රෝහල්ගතව ඇත්තේ මියගිය තරුණයාගේ ඥාතීන් පහර දුන් බව ප‍්‍රකාශ කරමින්ය.

ඒ අනුව සිද්ධියට චෝදනා ලැබූ පස් දෙනකු ගම්පොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ගම්පොල දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්ත‍්‍රාත් හා දිසා විනිසුරු ශ‍්‍රීනිත් විජේසේකර මහතා විසින් එක අයකුට රුපියල් දස දහස බැගින් මුදල් ඇපද එක් අයකුට රුපියල් ලක්‍ෂය බැගින් ශරීර ඇපද නියම කරනු ලැබීය.මෙම සිද්ධිය සමඟ ප‍්‍රදේශයේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය සමඟ ගම්පොල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. සම්පත් වික‍්‍රමරත්න මහතා එම පිරිස් හට කරුණු පහදාදී දැඩි අවවාද ලබාදුන්නේය.

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය නාවලපිටිය දිස්ත‍්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ. බී. එම්. ෆයිසාල් මහතා විසින් පවත්වා මෙය කනස්සල්ලට පත්වී ගෙල වැලලාගෙන සිදුකරගත් මරණයක් බව සඳහන් කර ඇත.

මෙහි මරණ පරීක්‍ෂණය පස්බාගේ කෝරලේ හදිසි මරණ පරීක්‍ෂක මල්ලිකා හේවාරත්න මහත්මිය විසින් පවත්වන ලදී.

ගම්පොල - සුරංග දිල්හාන්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.