Jun
01
තොණ්ඩාගේ අවමගුලෙන් ආණ්ඩුව ජනතා අප්‍රසාදයට ලක්වෙලා
මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයත් සමග ගැටුම් ඇති කරගැනීම පසෙකලා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත හඩක් නැගිය යුතු බව සමගි ජන බලවේගයේ මතය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
මේ වන විට රටේ ආන්ඩුවට එරෙහිව මතයක් ගොඩ නැගී ඇති බවත් , විශේෂයෙන්ම තොණ්ඩමන්ගේ අවමංගල කටයුතු සිදුවූ ආකාරය පිලිබදව ජනතාවට දැඩි අප්‍රසාදයක් ඇතිව තිබෙන බවත් පක්ශයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවට බදුන්වී තිබේ.
එමෙන්ම දිනෙන් දින කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහල යන බවත් ආන්ඩුවේ වැඩපිලිවෙල අසාර්ථක එකක් බව ජනතාවද දැන් පවසන බව මන්ත්‍රීවරුන් සදහන් කර් තිබේ.
ගොඩනැගී ඇති තත්වය තුළ ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත් , ඒ සදහා ජවසම්පන්ව සූදානම් වන ලෙසත් එම පක්ශයේ නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරුන්ට පවසාඇති බවත් ආරංචි මාර්ග සදහන් කරයි.