Jun
09
මිතුරියව පෙම්වතිය කරගෙන ඇයව අමානුෂික ලෙස ඝාතනය කළ පෙම්වතා
මොනරාගල මැදගම පොලිස් බල ප්‍රදේශයේ දිවියාපොල ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් ලෙස මියගිය තරුණියකගේ මල සිරුරක් පසුගිය දා මැදගම පොලිසිය විසින් සොයා ගත්තා.
ඒ සම්බන්ධයෙන් සිදු කල විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ඇගේ පෙම්වතාව මැදගම පොලිසිය විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන සිදු කල ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනය ඔහු විසින් සිදු කර ඇති බවට කරුණු අනාවරණය වී තිබුණා.
එම පෙම්වතා පොලිසියට මෙම ඝාතනය සම්බන්ධයෙන් කරුණු රැසක් පවසා ඇති අතර එහිදී ඝාතනය සදහා යොදාගත් අත් ආවරන සහ ගිනිපෙට්ටියක් මහියංගණය නුවර මාර්ගයේ හසලක 18 වංගුව අසලින් කැලෑවකට විසි කර තිබියදී පොලිසිය විසින් සොයා ගත්තා.
ඒ මෙම ඝාතනය සිදු කර සැකකරු නැවත සිය නුවර ප්‍රදේශය බලා ගමන් කරන අතරතුර මෙම ද්‍රව්‍ය කැලෑවට විසින් කල බවට පොලිසියට ලබා දුන් තොරතුරු අනුවයි.
පසුව සැකකරුගේ නිවස පරික්ෂා කිරිමේ දී එහි තිබී මෙම තරුණියගේ රං ආභරණ කිහිපයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබුණා.
මෙම සැකකාර පෙම්වතා අරංගල, පල්ලේකැලේ, මහනුවර ලිපිනයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු වන අතර එම සැකකරු සහ ඝාතනය කල ඔහුගේ පෙම්වතිය පාසල් වයසේ දී 06 වැනි ශ්‍රේණියේ සිට එකම පංතියේ අධ්‍යාපනය ලබා ඇති බවට ද කරුණු අනාවරණය වී තිබුණා.
මොවුන් අතර තිබූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදු කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර ගෙල සිර කර ඝාතනය කර පසුව සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබූ බවට දැනට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
(ජයන්ත වීරසේකර)