Jun 25

වසරකට කෝටි 185 බැගින් ගරපු මෝටර් රථ දෙපාර්තමේන්තු නිලධාරීන්


රියැදුරු බලපත්‍රයක් රුපියල් තුන්සියයක වියදමින් මුද්‍රණය කළ හැකිව තිබියදී පුරා වසර දහතුනක කාලයක් තිස්සේ රුපියල් 1571ක මුදලක් එක් රියැදුරු බලපත්‍රයක් සඳහා අය කරන්නට සමාගමකට ඉඩදී එම සමාගමෙන් කොමිස් ගසන දේශපාලනඥයන් හා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් පිළිබඳ තොරතුරු රජයේ විගණනවලදී හෙළි වී තිබේ.

රියැදුරු බලපත්‍ර මුද්‍රණයේදී ඊට චීපයක් ඇතුළත් කිරීම සඳහා මෙම සමාගම එක් රියැදුරු බලපත්‍රයක් සඳහා රුපියල් 1571ක ගාස්තුවක් අය කර ගනිමින් වසරකට රුපියල් මිලියන 1856ක පමණ ආදායමක් ලබාගෙන ඇතැයිද රජයේ විගණනවලදී හෙළි වී ඇත.

2006 වසරේදී අස්සන් කළ ගිවිසුමකට අනුව (චීපය සහිත) රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම මෙකී සමාගම වෙත ලබාදී ඇත්තේ වසර හතක කාලයකට පමණි. ඒ අනුව ඉන්පසුව මෙම කටයුතු යළි මෝටර් රථ දෙපාර්තමේන්තුවට පවරාදිය යුතුව තිබුණද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරුන් මෙන්ම කොමසාරිස් (තොරතුරු තාක්ෂණ) තුෂාර සුරවීර යන මහත්වරුන් අදාළ සමාගම සමඟ ඇති කරගෙන තිබූ ගිවිසුම වසරින් වසර දීර්ඝ කරමින් කටයුතු කර ඇතැයිද විගණනවලදී හෙළි වී ඇත.

මසකට රියැදුරු බලපත්‍ර 90,000ක් පමණ මුද්‍රණය කරන අතර එක් රියැදුරු බලපත්‍රයකින් රුපියල් දහයක කොමිස් මුදලක් යමකුට ලබාදුන්නද එවැනි අයකුට මසකට රුපියල් ලක්ෂ නවයක කොමිස් මුදලක් ලැබෙන බවද රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තු ජේ‍යෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු සිදුකරන අදාළ සමාගම හා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව අතර අස්සන් කර තිබෙන ගිවිසුම් කාලය 2013 වසරේ අවසන් වුවද තවත් වසර හතක්ම එම සමාගමට මෙම කොන්ත්‍රාත්තුව ලබාදීම පිටුපස නිලධාරීන් විශාල පිරිසකට රුපියල් ලක්ෂ ගණනින් කොමිස් මුදල් ලැබෙන බවද විගණනයේදී හෙළිදරව් වී ඇත.

මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් මහතාගෙන් ‘මව්බිම’ කළ විමසීමේදී ඒ මහතා කියාසිටියේ ලබන ජූලි මස සිට රුපියල් 1571ක මුදලකට වසර දහතුනක කාලයක් මුද්‍රණය කළ රියැදුරු බලපත්‍රය රුපියල් 1000කට මුද්‍රණ කරදීමට සමාගම එකඟව සිටින බවයි.

රජයේ විගණන විමසීමෙන් පසු පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව හරහා පත්කළ කැබිනට් අනු කමිටුවක් මඟින් මෙම තීරණය ගෙන ඇතැයිද ඒ මහතා පැවැසීය.

ශිරාන් රණසිංහ
Source - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.