Jun 23

වරයේ විරෝධතා.. සේවකයෝ සභාපතිව වටලති


කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි කිරීමට ගෙනඑනු ලැබ ඇති ග්‍රැන්ටි දොඹකර (කන්ටේනර් මෙහෙයුම් සිදුකරන දොඹකර) නැවෙන් ඉක්මණින් බාන්නැයි ඉල්ලමින් වරාය සේවක වෘත්තිය සමිති නායකයෝ 22 පස්වරුවේ වරාය සභාපතිවරයාගේ කාර්යාලය වටලමින් ඉල්ලීමක් කළහ.

මීට දින පහකට පෙර ගෙන එනු ලැබූ ඉකුත් 20 දා ගොඩ බෑමට නියමිතව තිබූ නමුත් එය සිදු නොවූ බවත් දොඹකර නැවෙන් බෑම අද (23) ආරම්භ නොවුනහොත් සියලු වෘත්තිය සමිති එක්කරගෙන වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවත් වරාය ස්වාධීන වෘත්තිය සමිතියේ සභාපති ලාල් බංගමුවගේ මහතා පැවැසීය.

චීනයෙන් ගෙන්වන ලද මෙම දොඹකර සවිකරනවා වෙනුවට ඉන්දීය රජයේ බලපෑම් මත ආපසු යැවීමේ උත්සාහයක් පවතින බවට සැකකරන්නේ යැයි කී බංගමුවගේ මහතා මේ පිළිබඳව සාකච්ඡාවක් ලබා දෙන තුරු සභාපතිවරයාගේ කාර්යාලය ඉදිරිපිට සිටින බවත් සාකච්ඡාවක් නොලැබුණ හොත් හෝ මෙම දොඹකර ගොඩබෑමට කටයුතු නොකලහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවන බවත් කියා සිටියේය.

මේ සම්බන්ධව වරාය අධිකාරියේ උප සභාපති ඩබ්ලිව් එස් වීරමන් මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ මේ පවතින්නේ ඉකුත් රජය සමයේ සිට පැවැතෙන ප්‍රශ්නයක් බවත් එය ඉක්මනින් විසඳාගත යුතු බවත් කීය.

ඉකුත් රජය විසින් හම්බන්තොට වරාය චීනයට දුන් පසු කොළඹ වරායෙන් ජැටියක් ඉල්ලා ඉන්දියාව බලපෑම් කර ඇති බවත් ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට එවක රජය කැබිනට් අනුමැතිය ඇතිව ගිවිසුමක් අස්සන් කළ බවත් වීරමන් මහතා කීය.

වත්මන් රජය පැමිණි පසු එම යෝජනාවෙන් ඉවත්ව වරාය අධිකාරිය විසින්ම නැගෙනහිර පර්යන්තය ඉදිකළ යුතු බවට තීරණය කරමින් කටයුතු කළ නමුත් ගිවිසුම ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි ඉන්දියාව දිගින් දිගටම බලපෑම් කරන බව ද උපසභාපතිවරයා පැවැසීය.

පවතින තත්ත්වය යටතේ අධිකාරිය බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටින බව කී සභාපතිවරයා සාකච්ඡා කර යම් පියවරක් ගැනීමට බලාපොරාත්තු වන බව ද කීය.

Source - ලංකාදීප
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.