Jun
25
සියලූම බන්ධනාගාරවල ප‍්‍රධාන ජේලර්ලාට ස්ථාන මාරු
මීගමුව ප‍්‍රධාන ජේලර් තනතුරින් ඉවත් කර දුම්බරට යවයි. දිවයිනේ සියලූම බන්ධනාගාරවල ප‍්‍රධාන ජේලර්වරුන්ට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පවතින බන්ධනාගාර 19 හි ප‍්‍රධාන ජේලර්වරුන් 19 දෙනාගේ ස්ථාන මාරුවීම් සිදුකර තිබේ. මෙම ස්ථාන මරුවීම් සිදු කළේ සේවා අවශ්‍යතාව මත බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.
මේ අතර පසුගිය දිනවල දැඩි දෝෂදර්ශනයට ලක්වූ මීගමුව බන්ධනාගාරයේ ප‍්‍රධාන ජේලර්වරයා තනතුරින් ඉවත් කර දුම්බර බන්ධනාගාරයේ සේවය සඳහා මාරුකර යැවීමටද පියවර ගෙන ඇත.
සමන් ගමගේ
Source - දිවයින