Jun 26

බූස්සේ වර්ජනය මෙහෙයවන්නේ කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී


බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් ආරම්භ කර ඇති ආහාර වර්ජනය අද (26) දෙවන දිනටත් කි‍්‍රයාත්මක වනවා.

ඊයේ දිනයේ සිට ආහාර ප‍්‍රතික්ෂේප කරමින් එලෙස ආහාර වර්ජනයක නිරත වන්නේ වෙන - වෙනම සිර මැදිරිවල රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවන් පිරිසක් බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ.

තමන්ව සිර මැදිරිවලින් පිටතට ගෙන තබන කාලය වැඩි කරන ලෙස ඉල්ලමින් ඔවුන් එම ආහාර වර්ජනය කි‍්‍රයාත්මක කර තිබෙනවා.

එම පිරිස සිර මැදිරිවලින් පිටතට ගෙන ව්‍යායාම කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්නේ දිනපතා අවස්ථා දෙකකදී පැය 02 ක කාලයක් පමණයි.

සිය ගැටලූ පිළිබඳ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බවට ද එම රැඳවියන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙනුවට බන්ධනාගාර කොමසාරිස්වරුන් දෙදෙනෙකු ඔවුන් සමග සාකච්ඡා කිරීම සඳහා අද දහවල් බූස්ස බන්ධනාගාරය වෙත පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.  කොස්ගොඩ තාරක, සහ පොඩි ලැසී යන අපරාධකරුවන් එම ආහාර වර්ජනය මෙහෙයවන බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

Source - නෙත් News
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.