May 09

බුදු පිලිම තොගයක් ආදාහනය කරයි


බුදු පිළිම ආදාහණයක් ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී 08 දා සිදුවිය.මෙම ආදාහනය දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ අනුව පසුගිය කාලයේ විවිධ ක්‍රමවේද වලට විනාශ වු නිවෙස්තුල තබාගන්නට බැරි හා විහාරස්ථානවල දමා ගොස්තිබු බුදු පිළිම ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානයට එකතු කරන්නට විය. මෙම පිළිම බුදු රදුන්ට නිගා වන ආකාරයෙන් තැන් තැන් වල දමා ගොස් තිබූ අතර ඒවා බොහෝ ප්‍රමාණයක් සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එක් රැස් කරන්නට විය.

එසේ එකතු කතරන ලද විවිධ ක්‍රමවේද වලට විනාශයට යමින් තිබු බුදු පිළිම නිසි සම්පූර්ණ ගෞරවය ලබාදී ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථාන භූමියේදී  ආදාහණය කරන ලදී‍. මේ සදහා චිතකයක් නිර්මාණය කර තිබිණි.එම චිතකයේ තැන්පත් කරන ලද වර්නයෙන් විනාශවු. පිළිම වල ඇතැම් කොටස් විනාශවු සහ අතැහැර දැමු බුදු පිළිම රැසක් සියලු ආගමික වතාවන්ගෙන් අනතුරුව ආදාහනය කරන ලදී.

මෙම අවස්ථාවේදී එම පිළිම සියල්ල ප්‍රථමයෙන් මල් වලින් පුද බුහුමන් කිරිම සිදුවිය‍. මෙම අවස්තාවට බෝධිරාජ ධර්මායතනයේ භික්ෂූන් වහන්සේලා තිස්නමක් පමන  සහබාගී විය. මේ අතර බෝධිරාජ ළමා නිවාසයේ දරු දැරියන්ද සහභාගී  වී සිටින ලදි.

බුදුන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේදී ශ්‍රක්‍ර ‍දෙවියන් ඇතුලු සැම දෙනාගේම ශෝකය ප්‍රකාශ කල ආකාරයට ආදාහන අවස්ථාවේදී ශෝකය ප්‍රකාශ කිරීම්  සිදුවිය.

මෙම අවස්තාවට විදේශිකයන්ද සහබාගී වී සිටිනු දක්නට  විය. සදුන් දර යොදා ගනිමින් චිතකය දැල්වීම ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියන් විසින් සිදු කරන ලදී.

මෙහිදි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ, බුදු පිළිම මහ මග ගස් යට පන්සල් වල නොයෙක් ස්ථාන වල දමා යැම මගින් බෞද්ධයන්ට මහත් හානියක් සිදු වන අතර මෙය දකිනා බෞද්ධයන් හට ඒ පිලිබදව දුකක් ඇතිවන බවයි.එබැවින් මේ ආකාරයට නිසි ගෞරවය ලබාදී ඒවා ආදාහනය කිරීම මගින් ඉතා හොද යහපත් දෙයක් සිදුවන බව කීය.

මෙවැනි දෙයක් අපි කරන්නේ ප්‍රථම වතාවට.මේ ආදාහන වැඩපිළිවෙල අපි නිසි පරිදි  සිදු කරනවා.

ඕනම දේකට ගෞරවණීය අවසානයක් තිබිය යුතුයි. නමුත් ලංකාවේ තමයි කිසිදු ප්‍රමිතියක් නැතිව ඉතාමත් බාල විදියට බුදු පිළිම නිර්මානය කරන්නේ.ඒක නිසා ඉක්මනින් බුදු පිළිම විනාශයට පත්වෙනවා යයි උන් වහන්සේ කිය.

ප්‍රගීත් ජනක - ඇඹිලිපිටිය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.