May 09

අනිද්දා සිට සුරාසැල් විවෘත කරනවාද ? ඇත්ත මෙන්න


ලබන සදුදා සිට ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී සුරාසැල් විවෘත නොකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වනවා.

මීට පෙරද ඇදිරි නීතිය ලිහිල් කළ අවස්ථාවේ සුරාසැල් විවෘත කෙරුණු අතර ඒවා අසල ජනතාව වැඩි වශයෙන් රැස්වීම හේතුවෙන් පසුව සුරාසැල් වසා දැමීමට තීරණය කෙරුණා.

මේ වනවිට රටපුරා ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වනවා. ඒ, ලබන සදුදා අලූයම 5 දක්වායි. බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ති‍්‍රක්කය හැර සෙසු ප‍්‍රදේශවල ඇදිරි නීතිය ලබන සදුදා සිට ලිහිල් කරනු ඇති.

කෙසේවෙතත් ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වුවද ලබන සදුදා සිට බස්නාහිර පළාතේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමටයි රජයේ අවධානය යොමුව ඇත්තේ. ඒ අනුව යළිත් වරක් සුරාසැල් විවෘත කිරීමට අවසර හිමිවන්නේ දැයි බොහෝ පාර්ශව ප‍්‍රශ්න කරනවා.

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳ විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කිරීමට ද නියමිතව තිබෙනවා.

ඒ, නිරෝධායන රෙගුලාසි ඇතුළත් කරමින්. පොදු ප‍්‍රවාහන සේවා, ආහාර සපයන ආයතන, අධ්‍යාපන හා සේවා ආයතන මෙන්ම පොදු ස්ථාන සහ වෙළද සැල්වල කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබද එහිදී රෙගුලාසි නිකුත් කරනු ඇති.

ජනජීවිතය යථාතත්ත්වයට පත් කෙරුණද අත්‍යවශ්‍ය සේවා සහ රාජකාරී සදහා පිටත්ව යන පුද්ගලයින් හැර සෙසු පිරිස් හැකිතාක් නිවෙස්වලින් බැහැරවීම අවම කළ යුතු බව ආරක්‍ෂක අංශ සහ සෞඛ්‍ය අංශද අවධාරණය කරනවා.

පොලිස් නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ සෙසු පුද්ගලයින් නිවසින් බැහැර විය යුත්තේ ආහාර හෝ ඖෂධ ලබාගැනීම වැනි අත්‍යවශ්‍ය කටයුත්තකට පමණයි.

ඒ සදහාද අවසර ලැබෙන්නේ ජාතික හැදුනුම්පතේ අවසන් අංක පාදක කර ගනිමින් කි‍්‍රයාත්මක ක‍්‍රමවේදයට අනුවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.