May
07
පවතින කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පෙලෙන අම්බලන්තොට දකුණ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි රෝගී ජනතාවට අවශ්‍ය මසකට පමණ සරිලන ඖෂධ අද (07) දින සමරනු ලබන වෙසක් පෝය නිමිත්තෙන් ලබා දීමේ බෙහෙත් දන්සලක් අම්බලන්තොට දකුණ ග්‍රාම නිලධාරී එස් සමරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබෙනවා.
රටතුල පවතින තත්ත්වය හමුවේ විවිධ ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පෙලෙන අහිංසක ජනතාවට අවශ්‍ය ඖෂධ ලබා දීම සදහා ඇමරිකාවේ වෙසෙන ඔලිවර් ගමගේ මහතාගේ මූල්‍ය දායකත්වය මත ඖෂධවේදී පුබුදු මහතාගේ සම්බන්ධීකරණයෙන් අම්බලන්තොට දකුණ ග්‍රාම නිලධාරී වසමේ එම්.එච්.එච් චිත්‍රානි මහත්මියගේ සහයෝගයෙන් මෙම සත්කාරය සිදුවී ඇත්තේ තෙවන වරටයි.
හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
Source - මව්බිම