Apr 26

කොරෝනා නිසා පිටතට යන විට ටීෂර්ට් ගවුම් ඇඳීම අනතුරු දායකයි !


කොරෝනා වෛරසය සාමාන්‍යයෙන් සම්ප්‍රේෂණය වන්නේ ආසාධිත පුද්ගලයකුගේ කිවිසුම් හෝ කැස්සේ දී පිටවන ශ්වසන ජල බිඳිති ඔස්සේ බව මේ වන විට තහවුරු වී ඇති අතර ද්‍රව්‍ය හෝ වස්තූන් මඟින් ද වෛරසය පැතිර යා හැකි බව මේ වනවිට සොයා ගෙන තිබේ.

ඇඳුම් ඇතුළු විවිධ ද්‍රව්‍යන්ගෙන් සාදන ලද පෘෂ්ඨයන් මත ද වෛරසය පැයේ සිට දින ගණන්  සක්‍රීයව පැවතිය හැකිය.

කාඩ්බෝඩ්, ප්ලාස්ටික් සහ වානේ මත කොරෝනා වෛරසය කොපමණ කාලයක් පැවතිය හැකි දැයි මොන්ටානාහි ජාතික ආකස්මිකතා සහ බෝවන රෝග මධ්‍යස්ථානයේ පර්යේෂණ විසින් අධ්‍යනය කර ඇති නමුත් රෙදි පිළිබඳ තොරතුරු වැඩි දුරටත් අනාවරණය කර නොමැත.

සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය එය බොහෝ දුරට පාරසරික තත්ත්වන් මත රඳා පවතින බවත් උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය වෛරසයේ වර්ධනයට බලපාන බව සඳහන් කරයි.

වෛරසය ප්ලාස්ටික් සහ වානේ මත දින තුනකට පසුත් කාඩ්බෝඩ් මත පැය 24 හා තඹ මත පැය හතරක් ක්‍රියා කළ හැකි බව ද ඇතැම් පර්යේෂණයන් පෙන්වා දේ.

එමෙන්ම අප අඳින ඇඳුම්වල බොත්තම් සහ සිපර් මත වෛරසය රැඳී තිබිය හැකිය.

කණගාටුවනවාට වඩා ආරක්ෂාවීම සෑම අතින්ම යහපත් බැවින් ඇඳුම් මඟින් කොරෝනා වෛරසයට නිරාවරණය වීමේ දී අවධානම අඩු කිරීම සඳහා පියවර ගැනීම වැදගත් ය.

පිටතට යනවිට ටීෂර්ට් ගවුම් වැනි ඇඳුම් ඇඳීමේ දී සැලකිලිමත් විය යුතු බව වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ එබැවිනි. ටී ෂර්ට් ගවුම් වැනි ඇඳුම් ඉවත් කිරීමේ දී ඒවා මුහුණට සහ නාසයට සෘජුව ස්පර්ශ වන බැවින් වෛරසය ශරීරගත වීමේ අවධානමක් පැවතිය හැකිය. මේ කාල සීමාවේ පිටතය යන විට බොත්තම් සහිත පහසුවෙන් ගලවා ඉවත් කළ හැකි ෂර්ට්, බ්ලවුස් වැනි ඇඳුම් වඩා සුදුසු බව වෛද්‍ය මතය වී තිබේ.

එමෙන්ම ඇඳුම් සෝදා පිරිසිදු කර ගැනීමේ දී නිවසේ කිසිවකුට වෛරසය ධනාත්මක වී නොමැති නම් හෝ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නොමැති නම් සාමාන්‍ය පරිදි එම ඇඳුම් පිරිසිදු කළ හැකිය.

නමුත් ඔබ ප්‍රසිද්ධියේ සාප්පු සවාරි ගොස් ඇත්නම් සමාජ දුරස්ථකරණයේ මාර්ගෝපදේශ පිළිපැද නොමැති  නම් ඒවා සෝදන යන්ත්‍රයට දමා පිරිසිදු කර ගැනීම වඩා සුදුසුවේ. ඉදිරියේ දී පාසල් ආරම්භ කළ විට ගැහැණු දරුවන්ගේ පාසල් නිල ඇඳුම් සම්බන්ධයෙන් ද මෙම ගැටලු පැන නැගිය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.