Apr 09

කොරෝනා බියෙන් ලෝකයම තේ බොයි. ශ‍්‍රී ලංකා තේවලට අධි ඉල්ලුමක්..!


කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සති කිහිපයකට පසු කොළඹ දි (08) දින පැවැත් වු තේ වෙන්දේසියේදි උඩරට සහ පහතරට නිෂ්පාදන තේ කිලෝවක් සදහා වාර්තාගත මිලක් ලැබි ඇති බව වතු අධිකාරිවරුන් කියා සිටියි.

උඩරට සහ පහතරට තේ කිලෝවක් සදහා පැවති තේ වෙන්දේසියේදි රු 700/= මිලක් ලැබුණු බවත් අවසන් වරට පැවති තේ වෙන්දේසියේ ලැබුණු තේ කිලෝවක් සදහා ලැබුණු මිලට වඩා මිලට වඩා රු සියයක් වැඩි වි ඇති බව වතු අධිකාරිවරුන් කියා සිටියි.

මධ්‍යම කදුකරයට පුරා මාස හතරක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග තේ ඵලදාව අඩු වි තේ නිෂ්පාදනය 40% කින් පහත වැටි ඇති බවත්, තේ කර්මාන්තය කඩා වැටිමේ අවධානමක පැවති සමයේ උඩරට සහ පහතරට තේ කිලෝවක් සදහා  රු හත්සියක මුදලක් වෙන්දේසියේදි මිල ඉහල යාම තේ කර්මාන්තයේ අනාගතය පිලිබදව තවදුරටත් විශ්වාසය තබා ගත හැකි බව වතු අධිකාරිවරුන් කියා සිටියේය.

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග ලෝක වෙලදපොලේ ශ්‍රි ලංකාවේ තේ සදහා ඉහල ඉල්ලුමක් පවතින බවත්, මේ දිනවල විදේශිකයන් තේ පානය වැඩි වශයෙන් සිදු කරන බව වතු අධිකාරිවරුන් කියයි.

ශ්‍රි ලංකාවේ තේ සදහා ලෝක වෙලදපොලේ දැනට පවතින ඉල්ලුම එලෙසම තව මාස කිහිපයක් පැවතිය හොත් රුපියලේ අගය කඩා වැටිම තරමක් දුර පාලනය කර ගත හැකි බවත්, පවත්නා තත්ත්වය මත තේ කර්මාන්තයේ අනාගතයද යහපත් වන බව වතු අධිකාරිවරුන් වැඩි දුරටත් කියයි.

– හැටන් රංජිත් රාජපක්ෂ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.