Apr
20
මැතිවරණය පවත්වැන්නැයි මැතිවරණ කොමිසමට බලපෑම් කරන්නට අගමැතිතුමන්ට කිසිම බලයක් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.
මැතිවරණ කොමසාරිස්වරයාට එසේ බල කරමින් ලිපියක් යැවීමම අගමැතිතුමන් විසින් කල වරදක් යයිද උන්වහන්සේ පෙන්වා දෙයි.
මැතිවරණයක් පැවැත්වීමට සුදුසු නිදහස් හා සාමකාමී කාලයක් පැමිණෙන තෙක් මැතිවරණය කල් දැමිය යුතු බවත් උන්වහන්සේ යෝජනා කරයි.
එතෙක් ජනාධිපතිවරයා ගේ නායකත්වයෙන් යුතු ජාතික මණ්ඩලයක් මගින් ඉදිරි මාස හයක පමණ කාලයක් රට පාලනය කළ යුතු බව ද උන්වහන්සේ කියා සිටිති.
අද රට තුළ විශ්වාසය ඇත්තේ ජනාධිපතිතුමන් ගැන පමණක් බවත් මේ කඩිමුඩියේ ඡන්දය පැවත්වීමේ මේ ජාවාරමට ඉඩ නොතැබිය යුතු බව උන්වහන්සේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී තවදුරටත් කියා සිටියහ.