Apr 24

"අපි උනත් තිගැස්මෙන් වැඩ කරන්නේ" - ප්‍රදීප් රංගන


බොහෝ කලාකරුවන් මේ දවස්වල ගෙදර වුණාට ප‍්‍රදීප් රංගනට නම් එහෙම ඉන්න හැකියාවක් නැහැ. ඒ ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙකු නිසා. ප‍්‍රදීප් කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සිරස සුපිරි තරු සොයා ගිය දෙවැනි අදියරේ සුපිරි තරුව ලෙස අභිසෙස් ලැබුවේ ඔහුනේ.

එතැන් පටන් ප‍්‍රදීප් ගායනයෙන් ඔබ පිනෙව්වා. වෛද්‍ය වෘත්තීයට යොමු වුණේ ඒත් එක්කමයි. මේ වසංගත තත්ත්වය නිසා ප‍්‍රදීපලටත් වැඩිපුර වෙහෙස වෙන්න වෙලා තියනවා. ඒ අත්දැකීම් අපිත් එක්ක ඔහු බෙදාගත්තේ මේ අයුරින්.

'මගේ ජීවන වෘත්තීයනේ මේ කරන්නේ. කලාවෙ වැඩ මුකුත් මමත් කරන්නේ නැහැ. වෘත්තීය කලාකරුවෙක් වුණා නම් මමත් ගෙදර. ඇත්තටම කලාකරුවන් විදිහට අපිට ගෙදර ඉන්න හරි අමාරුයි."

ප‍්‍රදීප්,ඔබ කොයි රෝහලේද දැන් සේවය කර්න්නේ?

මම තවම පරණ තැනමයි වැඩ කරන්නේ. රත්නපුර මාරතැන්න එකේ. ඒක ප‍්‍රාදේශීය රෝහලක්. ඔබ මේ කතා කරන මොහොතේ මම වැඩ නිමවී ගෙදර ආවා විතරයි.

වෙනදට වඩා වැඩ ඇති මේ කොරෝනා වසංගතය නිසා?

ඒකත් එහෙම තමා. බොරු කියන්නේ මොකටද වෛද්‍යවරුන් විදිහට අපිත් යම් තිගැස්මකින් සේවය කරන්නේ. වෙනදා රෝගීන් ආවට අපි දෙගිඩියාවකින් නෙවේ රෝග විනිශ්චය කළේ. දැන් එහෙම නෙවේ. අපිටත් පරිස්සමින් ඉන්න වෙලා. මේක ඉතාම ඉක්මනින් බෝවෙන රෝගයක්නේ. වෛද්‍යවරුන් බොහොමයක් විවාහ වුණු අය. තමන්ගේ පවුල ගැනත් හිතන්න ඕනේ. තමන් ගැනත් හිතන්න ඕනේ. රාජකාරි පැහැර හරින්නත් බැහැ. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වගේම ආරක්ෂක අංශයේ අය බොහොම බැ?රුම් සේවයක් මේ වෙලාවේ කරන්නේ.

කොරෝනා නිසා රෝහලේ සේවය කරද්දි තිගැස්මක් ඇතිවුණු සිද්ධියක් එහෙම තියනවද?

එක සිද්ධියක් නෙවේ අපි දැන් හැමතිස්සේම තිගැස්මකින් තමයි ඉන්නේ. අපේ මේ යදිචසඒක එක ග‍්‍රාමීය මට්ටමේ එකක්. බොහෝවිට කොරෝනා පිළිබඳ හංගන අයත් ඉන්නවනේ. ඒ නිසා යදිචසඒක එකට රෝගියෙන් ගේන සෑම අවස්තාවකදීම අපි ටිකක් තිගැස්සෙනවා.

බොහෝ කලාකරුවන් කියනවා ගෙදර ඉඳලා ඇති වෙලා කියලා,ඔබ ඒකේ අනික් පැත්ත?

මගේ ජීවන වෘත්තීයනේ මේ කරන්නේ. කලාවෙ වැඩ මුකුත් මමත් කරන්නේ නැහැ. වෘත්තීය කලාකරුවෙක් වුණා නම් මමත් ගෙදර. ඇත්තටම කලාකරුවන් විදිහට අපිට ගෙදර ඉන්න හරි අමාරුයි. කවුද හිතුවේ අපි ඉස්සරහට එන සෑම රෝගියෙක්ම මාස්ක් දාගෙන ඒවි කියලා. එහෙම තමා වසංගත ආපුවාම. ඒවට ශක්තිමත්ව මුහුණ දෙමු.

ඔබ කලාකරුවෙක් විදිහට තමන්ගේ වගකීමක් ඉටු කරලා තිබුණා අප දුටුවා?

ඔය ඔබ කියන්නේ මම මූණූ පොතට එකතු කරලා තිබුණු චදිඑ එක ගැන වෙන්න ඇති. මම කලාකරුවකු වගේම වෛද්‍යවරයෙක්නේ. මේ වෙලාවේ මම බැලූ‍වා මට මොනවද කරන්න පුළුවන් කියලා. අපි තව ඉවසීමෙන් වැඩ කළොත් මේ වසංගතය ජයගන්න පුළුවන් බව මම දැක්කා. ඒ වගේම මේ වෙනුවෙන් කැපවෙලා සේවය කරන සියලූ‍ දෙනාට ගෞරවය පුදකරන්නත් මට ඕන වුණා. ඒ නිසයි ඒ වගේ දෙයක් කළේ.

ඔබ අවසාන වතාවට නිකුත් කරපු ගීතය මොකක්ද?

මහ වැස්ස. මම ඒක නිර්මාණය කළේ මත්කුඩු වසංගතය පිළිබඳවයි.

ප‍්‍රසාද් සමරතුංග
Source - සරසවිය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.