Apr 07

කොරෝනා දින 03න් නසන ඔසුව ලංකාවෙන් සොයා ගනී.


මුලු ලෝකය ම ගිලගනිමින් සිටින මාරාන්තික කොරෝනා වෛරස් තත්ත්වය ඉතා පහසුවෙන් මර්ධනය කළ හැකි දේශීය ඖෂධයක් තමන් සතුව ඇති බව මෙරට ප්‍රධාන රෝහල් 4ක සේවය කරන විශේෂඥ වෛද්‍යවරයකු හා තවත් බටහිර වෛද්‍යවරුන් 3 දෙනකු පවසයි.

දේශීය ඖෂධ භාවිතාවෙන් සෑදූ දුම් හට්ටියක් හා ඔෂධීය කැඳක් මොවුන් මේ විස්මිත ඖෂධ ලෙස දක්වයි.

විශේෂඥ වෛද්‍ය කුමුදු දහානායක, වැලිසර ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම, මාතර මහරෝහලේ වෛද්‍ය මාලින් බටගොඩ හා ගම්පහ මහරෝහලේ පෝෂණවේදී වෛද්‍ය සූජීවා යන වෛද්‍යවරුන් තමන් මෙම දුම් හට්ටිය හා කැඳ භාවිතා කර ප්‍රතිපල අත් විඳි බවද කියයි.

ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම පවසා සිටියේ දින කීපයකට පෙර තමන්ටද වෛරස් ලක්ෂණ පහල වූ බවත් එහිදී තමන් මෙම ඖෂධ ප්‍රතිකාර කිරීම තුළින් දින 3ක් ඇතුළත නිට්ටාවට සුවය ලැබූ බවත්ය.

දිවයිනේ වාර්තා වූ පළමු කොරෝනා රෝගියා එතරම් ඉක්මනින් සුවය ලැබූවේත් මෙම ඖෂධ භාවිතා කිරීමෙන් බව මෙහිදී විශේෂඥ වෛද්‍ය කුමුදු දහානායක පවසා සිටියේය. මේ වනවිට අයි ඩී එච් රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම රෝහල් කාර්ය මණ්ඩලය මෙම ඖෂධ පරිහරනය කරන බවත් ඔවුන් බියකින් සැකයකින් තොරව සිටින්නේ ඒ නිසා බව තමන්ට පෞද්ගලිකව කී බවත් විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී තවදුරටත් පැවැසීය.

මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා රෝගිය ඉක්මනින් සුවය ලැබුවා පමණක් නොව ඔහුගේ නිවසේ සිටින කිසිදු සාමාජිකයකුට මෙම වෛරසය ආසාදනය නොවුනේ තමන් මෙම ඖෂධ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ලබා දුන් නිසා බව කී වෛද්‍ය දහානායක, අදාල රෝගියාගේ බිරිය ඒ පිළිබඳ ස්තූතිය ඵල කරමින් ලිපියක් එවා ඇති බවද කීය.

මේ වන විටත් දකුණු කොරියානු රජය කොරෝනා ආසාදිතයින්ට මෙම දේශීය ඖෂධය සුදුසු බව නිගමනය කර ඇති අතර ඉදිරියේදී දකුණු කොරියාවත් සමග මේ පිළිබඳ දීර්ඝ ලෙස පරීක්ෂණ පැවැත් වීමට බලා පොරොත්තු වන බවත් මෙම ඖෂධයට දකුණු කොරියාවෙන් බෙහෝ ඇනවුම් ඇති බවත් හෙතෙම කීය.

පළමු කොරෝනා ආසාදිතයාගේ බිරිය ස්තූති කර එවු ලිපිය පහතින් දැක්වෙයි

Source - Aruna





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments (8)

Loading... Logging you in...
  • Logged in as
nishantha's avatar

nishantha · 268 weeks ago

leda honda karanna puluwan kiyala oka fb daala wedak na. me wisthre meeta kalin dawasakath dakka eth eken minisunta ethi prayojanayak na. mokada oya kiyana behetha dena widiyak gana adaala than ekka saakachcha karala awashya weda piliwela sakasanna. mehema lede honda karanna uluwan kiyala thawath kenek kiwwa ekath ehemmai.
s.a.w.kumara's avatar

s.a.w.kumara · 268 weeks ago

apitath oni
Mobile number
Apitath ona 0719490513
1 reply · active 268 weeks ago
නිලන්ත's avatar

නිලන්ත · 268 weeks ago

සියලුම වෛද්‍යවරුන් ට මම ස්තුතිය ...මෙම කැද හා දුම් වටිටෝරැව ගත හැකි වන්නේ කොහොමද කොහෙන්ද කියා මට දන්වන්න. 0775644188 නිලන්ත
Janaki herath's avatar

Janaki herath · 268 weeks ago

අඩංගු බෙහෙත් වර්ග මොනවාදැයි දැනගත හැකිද?
මාගේ මවත් කාලෙක සිට යම් යම් රෝග රාෂියකින් පෙලෙන අතරම කිසිම වෙදකමකට සුවයක් ලැබීමට හැකිවුයෙ නැත මටද මෙම වට්ටොරුව ලබාගත් හැකි වේද
Keda saha dum monawadey denaganna kemathiy

Post a new comment

Comments by

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.