Apr 25

කොරෝනා නිසා නිල්මිණීට වෙච්ච දෙයක්


අපේ රටේ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පිණියක් තමයි නිල්මිණී තෙන්නකෝන් කියලා කියෙන්නේ. රට තුළ පවතින තත්ත්වයත් සමග ඇයගේ කටයුතුත් අතරමග නතර කර දමන්නට සිදු වුණා.

මාසයකට වැඩි කාලයක් ගෙදරට හිර වෙලා ජිවත් වෙන්න සිදු වෙලා තියෙනවා. මේ සියලු දේ ඇයට තනිව දරාගන්නට සිදු ව ඇති බවයි ඇය සඳහන් කරන්නේ.

ඒ ගැන ඇය කිව්වේ මෙහෙමයි,

“පසුගිය මාර්තු 14 වැනිදා තමයි මගේ අලුත් සැලෝන් එක විවෘත කළේ. එදා ඒ වැඩකටයුත්ත අවසන් කරලා ගෙදර ආවට පස්සේ මට ආරංචි වුණා පළමු කොරෝනා ආසධිතයා වාර්තා වුනා. ඔහු සංචාරක මගපෙන්වන්නෙක් කියලා. එතකොටම මම දැනගත්තා අපේ රටටත් මේ තත්ත්වය බලපායි කියලා. ඒ නිසා පහුවදාම මම ගෙදරට අවශ්‍ය කරන සියලුම දේ අරගෙන ආවා. ඒ ගෙනාව දේවල් තමයි අපි තවම පාවිච්චි කරන්නේ. 16 වැනිදා ඉදලා ගෙදරටම වෙලා ඉන්නවා. දවස් දෙකක් අවශ්‍ය කටයුතු සදහා පොලිස් බලපත්‍රයක් අරගෙන ගියා. එච්චරම තමයි. තවම කොහෙවත් ගියේ නැහැ.

“රටේ තත්ත්වය හොද අතට හැරෙන්න නම් අපි හැමෝම පරිස්සම් වෙන්න ඕන. මම මීට වසර 12 කලින් දරුණු අනතුරකට මුහුණ දුන්නු කෙනෙක්. ඒ මොහොතේ මගේ අක්මාව කැඩිලා ගිහින් තිබුනා. මම බේරුණේ හාස්කමකින් කියලා තමයි වෛද්‍යවරු කිව්වේ. වෛද්‍යවරුන්ගේ කරුණාව, හැකියාව නිසා මම අද ජිවත් වෙලා ඉන්නවා. මට ලේ ඕන වෙලා මට ආදරේ කරන ජනතාව 1000ක් විතර මම වෙනුවෙන් ලේ පරිත්‍යාග කරලා තිබුනා.රෝහලේ මාස තුනක් එකතැන ඉද්දි මට නියුමෝනියාවට ආවා. ඒ වෙලාවේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය ජිවිතයක් රැකගන්න කොයි තරම් සටනක දෙනවද කියලා මම මගේ අත්දැකීමෙන් දැක්කා.

මේ මොහොතේත් ලංකාවේ ඉන්න සියලු සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, හැමෝම මොන තරම් සටනක් දෙනවද අපේ මේ පුංචි රට බේරා ගන්න. ඒ නිසා මමත් මගේ ගෙදරත් මම පරිස්සම් කරගන්නවා. හැමෝම තම තමන් ගැන වගේම රට ගැන හිතුවොත් අපිට ඉක්මණට මේ තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන්.

එක පාරටම මේ වගේ තත්ත්වයක් එයි කියලා කවුරුවත් හිතන්නේ නැහැ. රටේ තත්ත්වය එක්ක මම නිලියක්, මවක් විදිහට අපහසුතාවයට පත් වෙලා. මගේ ව්‍යාපාර කඩාගෙන වැටිලා. දුවගේ විභාගය අතරමග නතර වෙලා. මේ දේවල් හැම කෙනෙකුටම ඇති වෙලා තියෙන්නේ. තනි ගැහැණියක් විදිහට මම මේ වෙලාවේ ගොඩක් අසරණ වෙලා ඉන්නේ. මට කන්න තියෙනවද කියලා බලන්නවත් කෙනෙක් නැහැ. නමුත් මම පිස්සියක් වගේ දගලන්නේ නැහැ. හොද මානසික මට්ටමකින් මේ දේට මුහුණ දෙනවා. අපි හැමෝම කරන්න ඕන මේ වෙලාවේ එන දේට මුහුණ දීම තමයි.”
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.