Apr
23
රජයත් මහජනතාවත් කොරෝනා වසංගතය පැරදවීමට සියලු කැප කිරීම් කරද්දී, අවස්ථාවාදී විජාතික බලවේග දේශපාලන බලය ඩැහැ ගැනීම සඳහා කුමන්ත්‍රණයක නියැළෙන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
2008 වසරේදී කොටි ත්‍රස්තවාදය පරාජය කරන අවස්ථාවේ ඊට විරුද්ධව කටයුතු කළ, පාර්ලිමේන්තුවේ අයවැය පරදවා රාජ්‍ය අස්ථාවර කිරීමට මාන බැලූ බලවේග සියල්ල නැවත ඒකරාශී වී, විසුරවා හැරි පාර්ලිමේන්තුව නැවත කැඳවා දේශපාලන බලය ලබා ගැනීමට උත්සාහ දරන බව ඒ මහතා අනුරාධපුරයේ සිය නිවසේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජය ගත් පසු පාර්ලිමේන්තුව විසුරුවීමට උත්සාහ දැරූ අවස්ථාවේදී ඊට සහාය ලබා දුන්නේ නම් රට තුළ මෙවන් දේශපාලන ප්‍රශ්නයක් උද්ගත නොවන බවත් කොරෝනා වසංගතය තවදුරටත් පැතිරෙනවාට, මිනිසුන් වැඩි වැඩියෙන් මිය යනවාට සුමන්තිරන්- අනුර කුමාර- රනිල්- සජිත් නඩය කැමති බවත්, මළමිනී මතින් නැවත දේශපාලන බලය ලබාගැනීමට මේ කණ්ඩායම උත්සාහ දරන බවත් ඒ මහතා චෝදනා කළේය.
විසුරුවා හැරි පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇත්තේ මෙම කණ්ඩායමට බව නොරහසක් බවත් එම පාර්ලිමේන්තුවම නැවත කැඳවීමට වලි කන්නේ ජනතාවට සහන සැලසීමට හෝ කොරෝනා වසංගතය මර්දනයට රජයට උපකාර කිරීමට නොව දේශපාලන බලය ඔවුන්ගේ අතට ලබා ගැනීමට බවත් ඒ මහතා පැවසීය.
රටේ බහුතර ජනතාව කොරෝනා වසංගතය අතරතුර මැතිවරණ පැවැත්වීමට අකමැති බව තමන් හොඳින් දන්නා බවත්, එසේ වූවත් රෝගයට ජනතාවගේ ඇති බිය යොදා ගෙන දේශපාලන බලය උදුරා ගැනීමට සුමන්තිරන් ප්‍රමුඛ විජාතික දේශපාලන නඩය දරන උත්සාහය පරාජය කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ මොහොතේ රටට ජාතියට ජනතාවට ආදරය කරන සියළු දෙනා ගේ පරම වගකීම කොරෝනා වසංගතය තවදුරටත් පැතිරීම ඉඩ නොදීමට කළ හැකි සියලු දෙය කිරීම මෙන්ම සුමන්තිරන් ගේ කුමන්ත්‍රණය පැරදවීමට ද අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම බවද ජයසුමන මහතා පැවසීය.
– ceu