Mar 28

ඔක්කොම හොයලා බලලා මිනිස්සු වෙනුවෙන් රන්ජිත් කරපු ටික

රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය මර්ධනය කිරීම සදහා කෑගල්ල ශික්ෂණ රෝහල සූදානම් වෙමින් සිටින අයුරු දක්නට ලැබින. එහි රෝහල් අධ්‍යක්ෂ ඉමේෂ් ප්‍රතාපසිංහ මහතාගේ උපදෙස් පරිදි සමස්ථ රෝහල් කාර්යමණ්ඩලය කෑගල්ල දිස්ත්‍රික්කයේ කොරේනා ආසාධිතයින් හදුනා ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් සකසා ඇති අතර ඕනෑම අවස්ථාවකට මුහුණ දීම සදහා ඔවුන් සූදානමින් සිටී.
මේ පිළිබදව සොයා බැලීම සදහා හිටපු අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඊයේ දින (මාර්තු 26) රෝහල් අධ්‍යක්ෂ ප්‍රතාපසිංහ මහතාත් ශුද්‍රජීව වෛද්‍ය විශේෂඥ වෛද්‍ය මුදිත් අබේකෝන් මහතාත් හමුවී විශේෂ සාකඡ්චාවක් පැවැත් වීමෙන් පසුව රෝහල් පරිශ්‍රය නිරීක්ෂණයකටද සහභාගි විය.

එහිදී කොරෝනා වෛරසය ආසාධිත යැයි සැක සහිත පුද්ගලයින් හදුනා ගැනීම සදහා විශේෂ ඒකකයක් පිහිටුවා ඇති අතර එහි මේ වන විට දෙදෙනෙකු ප්‍රථිකාර ගනිමින් සිටී. එහි දසදෙනෙකු සදහා ප්‍රථිකාර ගැනීමට පහසුකම් සලසා ඇත. එසේම කෝරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් හදුනා ගතහොත් ඔවුන් වෙනත් රෝහලකට නොයවා මෙම රෝහල තුලම ප්‍රථිකාර කිරීමට සැලසුම් කර ඇති අතර එම විශේෂ ඒකකය පිහිටුවන ස්ථානයද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

රෝහලේ සමස්ථ කාර්ය මණ්ඩලය මෙම මෙහෙයුමට සාර්ථකව මුහුණ දීම සදහා ලහිලහියේ සූදානම් වනු අයුරු දක්නට ඇත.අඩුපාඩු පවතින මුඛ ආවරණ, ආවරණ ඇදුම් ඔවුන් විසින්ම සකසා ගනිමින් සිටී. ඒ සදහා අවශ්‍ය රෙදි පරිත්‍යාගශීලීන් මගින් ලබා දී ඇති අතර මසා දීමට හැකි අය සිටීනම් එම රෙදි ලබා දිය හැකි බවත් එය තම කාර්ය මණ්ඩලයට ඉතා පහසුවක් වන බව එහි හෙද නිලධාරියෙක් අපත් සමග පැවසීය.

එසේම අත් පිරිසිදු කර ගැනීම සදහා අවශ්‍ය විෂබීජ නාශක දියර විශාල ප්‍රමාණයක් යන හෙයින් එතනෝල් ලබා ගැනීමට හැකිනම් රෝහලේ දීම එම දෑස් පිරිසිදු කිරීම සදහා භාවිතා කරන එතනෝල් මිශු දියර සකසා ගැනීමට හැකි බව වෛද්‍ය අධ්‍යක්ෂකතුමා පැවසු අතර එහිදී එම දැඩි අවශ්‍යතාවය හදුනාගනිමින් හිටපු අමාත්‍යතුමාගේ මැතිහත් වීමෙන් එම අවශ්‍යතාවය සපුරාලීම සදහා එම අවස්ථාවේදීම කටයුතු සම්පාදනය කරනු දක්නට ලැබින.

අලුතින් සැකසෙන කොරෝනා වෛරස් ඒකකය සදහා කොරෝනා වෛරස් හදුනාගැනීමේ උපකරණයක අවශ්‍යතාවය හිටපු අමාත්‍යතුමාගේ අවධානයට ලක්විය. එහි වටිනාකම රුපියල් මිලියන 04 කි. එම උපකරණය ලබා දීම සදහා පරිත්‍යාගශීලීන්ගේ සහය ඇතිව ඉක්මනින් පියවර ගන්නා බව අධ්‍යක්ෂකතුමාට එහිදී පැවසීය.

මෙහිදී හිටපු අමාත්‍යවරයාගේ පැමිණීම අපට මහත් ශක්තියකත් බව පැවසු අධ්‍යක්ෂකතුමා අවශ්‍යතා සැපිරීම සදහා මැදිහත් වීම සම්භන්ධයේන් ස්තූතිවන්ත වන බව ප්‍රකාශ කැන ලදී.

මෙම අවස්ථාවට සඹරගමුව පලාත්සභාවේ ආණ්ඩු පක්ෂයේ හිටපු සංවිධායක හර්ෂ සියඹලාපිටිය මහතාද එක්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.