Oct
28
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නඩුක්කාටුපට්ටි ප්‍රදේශයේ ගැඹුරු ළිං කුහරයක සිරවී සිටින දරුවා බේරා ගත් බව පවසමින් හුවමාරු වූ වීඩියෝවක් නිසා බොහෝ දෙනා මුලාවට පත්ව තිබෙනවා. අදාල වීඩියෝව මීට වසර කිහිපයකට පෙර සිදුකළ මෙවැනිම සිදුවීමකට අදාලව Associated Press පුවත් සේවය මඟින් විකාශය කළ වීඩියෝවක් වනවා.
කෙසේ වෙතත් සුජිත් නමැති දරුවා බේරා ගැනීමේ මෙහෙයුම මේ වනවිටත් ක්‍රියාත්මක වන අතර ඊයේ ඇදහැලුනු අධික වර්ෂාවෙන් මෙහෙයුම් කටයුතු වලට බාධා පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ. කෙසේ වෙතත් දරුවා සිටින කුහරයට ජලය ඇතුල් නොවන සේ ආවරණය කර ඇති අතර කුහරය තුලට අවශ්‍ය ඔක්සිජන් සැපයීමද සිදුකර තිබෙනවා.
දරුවා බේරා ගැනීමේ මෙහෙයුම ඉන්දීය මාධ්‍ය හරහා සජීවීව විකාශය කරන අතර සමාජ ජාලා හරහා හුවමාරු වන අසත්‍ය වීඩියෝව පහතින්.