Jun 21

දෙපාරක් හිතන්නේ නැතුව 'HUAWEI' Phone ගන්න හේතු 5ක් මෙන්න

Smart Phone එකක් ගනිද්දී ඔබ දෙපාරක් නොහිතා ගත්ත එකම Mobile Phone Brand එක වුණේ HUAWEI සන්නාමය. ඒත් මේ දවස්වල ලෝකෙ පුරාම HUAWEI සම්බන්ධයෙන් යන එක එක කටකතා නිසා Smart Phone එකක් ගනිද්දී ඔබ දෙපාරක් හිතනවා වෙන්න පුලුවන්. හැබැයි මේ කටකතා පැතිරෙන්නේ HUAWEI උපාංග වල තියෙන දෝෂයක් නිසා නෙමෙයි කියල ඔබට කියන්න කැමතියි. ඇත්තටම HUAWEI සම්බන්ධව තියෙන ගැටලු බොහොමයක් දේශපාලනිකයි. එක්සත් ජනපදය හා චීනය අතර ගොඩනංවන ලද වෙළඳ යුද්ධයකට මැදි වීමට HUAWEI සමාගමටත් සිදුවී තිබෙනවා. කුමන අභියෝග හමුවේ වුවත් ශක්තිමත් ලෙස දිගටම පවතින බව HUAWEI ආයතනය සහතික වෙනවා.

මේ සිදුවීම් වල ඇත්ත තත්වය ඔබට පහදා දෙන්න වගේම ඔයා Smart Phone එකක් ගන්න හිතනවා නම් තවමත් යන්න තියෙන හොඳම Brand එක HUAWEI තමයි කියල ඔබ දැනගන්නම ඕන කරුණු ගැන තමයි මේ අපි කියන්න හදන්නේ.

01. Latest Update සියල්ලම ඔබේ Huawei දුරකතනයට ලැබීම..
මේ කට කතා එක්ක හැමෝම බය උනේ Updates ගැන. නමුත් පසුගිය මැයි මාසයේ 22 වෙනිදා වෙනකොට HUAWEI සමාගම විසින් Statement එකක් නිකුත් කරා සියලු App Updates ලබා දෙන බවට සහතික කරමින්.

ඒ බව තවත් සනාථ කරමින් EMUI 9 Update එක මේ දවස්වල ලෝකේ පුරාම HUAWEI Phone වලට ලැබෙනවා. ලංකාවේ HUAWEI Phone Use කරන හැමෝටමත් දැනටමත් මේ Update එක ඇවිල්ල ඇති.

ඒත් එක්කම Android Q ගැනත් ප්‍රශ්නයක් තිබුනානම් ඒ ගැනත් ඔබ බය විය යුතු නෑ. Android Q එක දැනටමත් HUAWEI Mate 20 Pro Smart Phone එකේ Testing කරනවා. මේ ගැන පසුගිය සති කිහිපය තුළ International Media වල සෑහෙන්න පුවත් පළවුනා. ඒ එක්කම Android Q Official Web Site එකෙත් මේක පළවෙලා තියෙනවා. ඉතින් HUAWEI Phone වල Update ගැන ඔබට ඇත්තටම බය වෙන්න දෙයක් නෑ.

02. ලෝකය පුරා Huawei පාරිභෝගිකයන් මිලියන 500කටත් වැඩි ප්‍රමාණයක් සිටීම..
දැනට ලෝකයේ පවතින International Trades සම්බන්ධව නීති රීති යටතේ මිලියන 500ක් වැනි පිරිසකට අසාධාරණයක් හෝ අපහසුතාවයක් වෙන්න කිසිම ඉඩක් තියල නෑ.

World Trade Organization කියන සංවිධානය හදල තියෙන්නේ මේ වගේ අවස්ථාවල පාරිභෝගිකයා ආරක්ෂා කරන්න. මේ WTO එක ලෝකයේ විශාල රටවල් ප්‍රමාණයකින් සාමාජිකයන් එකතු වෙලා හැදුන එකක්.

ඉතින් මොන යම් හෝ හේතුවකට HUAWEI පාරිභෝගකයන්ට අසාධාරණයක් වෙනවානම් ඔවුන් වෙනුවෙන් WTO එකට ඉදිරිපත් වෙන්න වෙනවා.

ඒ නිසා HUAWEI පාරිභෝගිකයන් විදිහට ඔබ කිසිවිටකත් කලබල විය යුතු නෑ. මොකද ඔබ වැනි අය මිලියන 500ක් ලෝකයේ සිටින අතරම ඔබගේ අයිතිය රැකගන්න ලෝකයේ පිළිගත් නීති පද්ධතියක් ක්‍රියාත්මකයි.

03. Huawei කියන්නේ නිකන්ම නිකන් ෆෝන් විතරක් හදන සමාගමක් නෙමෙයි..
අපි හුගදෙනෙක් HUAWEI කියල දන්නේ හොඳ Quality Smart Phone සමාගමක්. හැබැයි ඇත්තටම HUAWEI කියන්නේ ඊට වඩා හුඟක් ඉදිරියට Technology Company එකක්.

ලංකාවේ දැනට පවතින Telecommunication Network, ඒ කියන්නේ සියලූම රැහැන් සහිත හා රැහැන් රහිත දුරකතන පද්ධති වල 99% පමණ HUAWEI සමාගම මගින් ඉදිකරන ලද පද්ධතියක්. කොටින්ම කිවුවොත් ඔයා ළඟ තියන Dongle එකත් HUAWEI සමාගම විසින් නිශ්පාදනය කරන ලද උපකරණයක්. ඒ විතරක් නෙමෙයි අපි දකින බොහොමයක් Telecommunication Towers, Routers මේ සියල්ලම HUAWEI නිශ්පාදන.

ඒත් එක්කම HUAWEI Smart Phone, Laptop, Wearables Accessories අනෙකුත් HUAWEI නිශ්පාදන අතර වෙනවා. මේ සියල්ලත් සමඟින් HUAWEI සමාගමේ වසරක ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 100ක් ඉක්මවන අතර එවන් හැකියාවක් තියෙන්නේ ලෝකයේ සමාගම් අතලොස්සකට පමණයි.

ඒ කියන්නේ HUAWEI කියන්නේ ලෝකයේ තියෙන ශක්තිමත්ම සමාගමක්. එහෙම සමාගමක් කිසිම වෙලාවක පාරිභෝගිකයාට අවාසියක් වෙන්න ඉඩ තියන්නේ නෑ.

04. ලොව හොඳම 5G තාක්ෂණය Huawei සතු වීම..
5G කියන්නේ අපි දැනට භාවිතා කරන 4G වලට වඩා 20 ගුණයක් බලවත් තාක්ෂණයක්. ලංකාවෙත් Mobile Company, 5G Test කරල තියනවා අපි දැක්කා. මේ තාක්ෂණය ලංකාවට ලබා දීම සඳහාත් අවශ්‍ය පහසුකම් සපයන්නේ HUAWEI සමාගමයි. HUAWEI 5G තාක්ෂණය යටතේ තත්පරයට 1.5GB ක විතර Speed එකක් ලැබෙනවා. ඒ බව තහවුරු කරගන්න හොඳම ක්‍රමය තමයි ලංකාවේ Leading Mobile Company කරල තියන Test වල Result එක බලන එක.

Smart Cities, Driverless Cars වගේ දේවල් ඇති කරන්න අවශ්‍ය තාක්ෂණික පරිසරය HUAWEI 5G වලට හදන්න පුලුවන්.ඉතින් මේ වගේ Advanced තාක්ෂණයක් තියෙන සමාගමක Phone එකක් භාවිතා කරන ඔයාට ලැබෙන Support එක කාලයත් එක්ක වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ.

05. සිංගර් Money Back Guaranty එක..
Singer තමයි ලංකාවේ HUAWEI Phone වල National Distributor නැත්නම් වරලත් බෙදාහරින්නා. Singer කියන්නේ ලංකාවේ අංක 1 වෙළඳ නාමය විතරක් නෙමෙයි අවුරුදු 140ක් විතර ලංකාවේ අපි හැමෝම දන්න Company එකක්.

HUAWEI Quality එක හොඳටම දන්න සමාගමක් විදිහට Singer එක Money Back Guaranty එකක් මගින් ඔබේ HUAWEI Phone එකේ තිබෙන App ගැන සහතික කරනවා. සරලවම කිව්වොත් Google App හෝ Facebook App වල ගැටලුවක් මතු උනොත් ඔබ ගෙවූ මුදල 100% ක්ම Singer එකෙන් ආපහු දෙනවා.

HUAWEI Phone එකක් ගන්න එක කිසිම විදිහකට බය වෙන්න දෙයක් නෙමෙයි කියල මේ කාරණාව නිසාත් දැන් ඔයාට හොඳටම තේරෙනවා ඇති.

ඉතිං ඔයත් පහුගිය දවස්වල පැතිරුණු කට කතා වලට අහුවෙලා හිටියනම් දැන් බය වෙන්න දෙයක් නෑ. දෙපාරක් හිතන්නැතුව ඔයා නැවත HUAWEI Phone එකක් ගන්න පුලුවන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.