Sep
19
2011 ලෝක කුසාලන අවසන් තරගයේ පාවාදීමක් වුණේ නෑ -මහේල

බී.බී.ඩී.ඕ. ලංකා ෆේස්බුක් පිටුව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
“නෑ(තරග පාවාදීමක් සිදුවුණේ). අපි අවංකවම එම තරගය ක්‍රීඩා කළා. අපි ඒ තරගය පරාජය වුණා. යමෙකුට ඒ ගැන සාක්ෂි තිබෙනවානම් ඒවා ඉදිරියට ආ යුතුයි. නමුත් ඔබට කතා මවන්න බෑ. ඔබට ශක්තිමත් සාක්ෂි තිබිය යුතුයි” යැයි මහේල පවසයි.
එසේම තරග පාවාදීම් සඳහා වරදකරුවන් වන පුද්ගලයන්ට ජීවිතාන්තය දක්වා තරග තහනම් ලබාදිය යුතු බවද මහේල මෙහිදී පවසයි.