Aug
14
මොරහකන්දට යට වූ ගම්මාන යළි මතුවෙයි

නාඋල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගම්මාන හයක ජනතාව ජලාශයේ ජලය පිරීම හේතුවෙන් නැවත වෙනත් ස්ථානවල පදිංචිකරන ලදී.
ජලාශයේ ජල මට්ටම පහළ යෑමත් සමග කඹරව විහාරස්ථානය නැවත දැකගන්නට හැකිව තිබේ.
මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පි.ජී. දයානන්ද මහතා කියා සිටියේ අක්කර අඩි එක්ලක්ෂ තිස් දහසක ජල ධාරිතාවෙන් මේ වනවිට අක්කර අඩි පනස්දහසක් පමණ ගොවි කටයුතු සඳහා මින්නේරිය,කවුඩුල්ල,කන්තලේ සහ පරාක‍්‍රම සමුද්‍රය වෙත මුදා හැර ඇති බවයි.
කෙසේ වෙතත් මාස්කන්නයේ ඉහල ජලාධාර ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂා තත්ත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළ යන බවත්,සැලසුම්කර ඇති පරිදි ජල විදුලි නිෂ්පාදනයද ඉදිරියේදී සිදුවීමට නියමිත බවත් ඔහු කීය.