Aug
11
බුකිය කැළඹු තරුණයා සැබෑ තතු පහදයි

ඔහු මේ පිළිබඳව තරයේ පවසන්නේ මෙය හුදෙක් හාස්‍යට සිදුකළ වැඩක් විනා තමන් හට සිදු වූ සත්‍ය අත්දැකිමක ප්‍රතිපලයක් නොවන බවයි.
"Viral යෑම...
ඊයේ මං දාපු පෝස්ට් එකක් නිසා fb එකේ අමුතු ආන්දෝලනයක් ඇතිවෙලා වගේ පේනවා...
මුකුත් කියන් නෑ වෙනදෙයක් වෙච්චාවෙ කියල හිතන් හිටියත් too much වගේ යන හින්ද පොඩ්ඩක් ඒක ගැන පැහැදිලි කරන්න හිතුවා.
මුලින්ම කියන්න තියෙන්නෙ මේක මේ මං හුදෙක් ආතල් එක සදහා පමණක් කල post එකක් විනා මගේ ජීවිතේට සම්බන්ද කිසිදෙයක් ඕකෙ නැති බවයි...තේරෙන සිංහලෙන් කියනව නං මං බූටක් කාලවත් කෙල්ලෙක් දාල ගියා සීන් එකක් ඕකෙ අහලකවත් නෑ...
ඔය post එකේ උඩ දාල තියෙන caption එක හරියට කියෙව්ව නං, ඕන එකෙක්ට තේරෙනවා ඕක ආතල් එකට කර එකක් කියල.කියවපු නැති කවුරු හරි ඉන්නව නං මං ඒක ආයෙ දාන්නං.ඒකෙ මං දාල තියෙන්නෙ
"When u ලෙසටම බූටක් කෑවම
(Just for fun)
Idea from Azam college" කියල.
පේජ් වලින් උස්සපු උන් ඕක දාල නෑ..උං නිකන් photo ටික විතරයි දල තියෙන්නෙ..
ඉතිං කියවන උං හිතන්නෙ මං සිරා බූටක් කාල කියල..ඉතිං ඒකට මං මොනා කරන්නද? 😂
අනික් කාරණේ තමා ඕකෙ Azam College කියන්නෙ පිටරට ඩයල් එකක්...ඌ තමා පෝස්ට් එකක් දැම්මෙ මුලින් all these cars but you drove me crazy ඒම ඒම...
ඉතිං මං කලේ ඕක කොපි කරල පොඩ්ඩක් ලංකවෙ විදියට ගැලපෙන්න ඒක හදල දාපු එක විතරයි...ඒකත් මගෙ යාලුවන්ට පේන්න විතරයි.නැතුව ඕක හිට් කරගෙන බුකී තරුවක් වෙන්න මට කිසි උවමනාවක් තිබ්බෙ නෑ...
පේජ් වලින් ඉස්සුව එකට මං මොනා කරන්නද?
අනික ඒත් කමක් නෑ ඒක බලල හිනා වෙලා ඒකෙ ආතල් එක තේරුං අරන් හිටිය නං...
ඒත් ඕකෙ likes comments ගන්න අමුතු අමුතු comments, posts දාල තියෙනව මං දැක්කා...
ඒව නං අනවශ්‍ය වැඩ කියලයි මට හිතෙන්නෙ.
මොකද මගේ profile එකට ගිහින් මං ඉන්න group photo පවා edit කරල තිබ්බා...
මට කොච්චර මඩ ගැහුවත් කමක් නෑ මගෙ වටේ ඉන්න අය ගාවගන් නැතුව...
මගේ post එක නිසා තමන්ගෙ pages වල likes Followersla වැඩි කරගන්න හදන එකට මං අවංකෙන්ම කැමති නෑ...
ඕක ඕනවට වඩා වේගෙන එනව කියල පේනකොටම මං ඒ pages වල ඇඩ්මින්ලට මැසේජ් කරා ඒව අයින් කරන්න කියල...ඒත් ඒගොල්ලො msg දැකල ගනන් ගන් නැතුව හිටියා..ඉතිං මං එයාලට කියන්නේ එයාලගෙම දෙයක් කරල ඒ පේජස් හිට් කරගන්න කියල..
මේ මගේ පෝස්ට් edit කරන එක නවත්තන්න දැංවත්...ඕවගෙ comments කරන අයටත් මං කියන්නෙ ඒකමයි..උබලත් එක්ක මගේ කිසි තරහක් නෑ මචංලා..ඒත් පොඩ්ඩක් හිතහන් වෙන එකෙක් චාටර් කරල බලෙන් විහිලුවක් කරන්න යන එකෙන් උඹලට ලැබෙන දෙයක් නෑ බං..
ඒවගේම කියන්න ඕනෙ.. මං කරපු දේ හරියට තේරුං අරන් ඒක අගේ කරපු,මගෙ පැත්තට කතා කරපු
comment කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.😇
සමහර අය call කරලත් සපෝට් කරා ඇවිත් කතා කරපු අයත් හිටිය..."ඔයා කරේ සුපිරි වැඩක් මල්ලි,සැලෙන්නෙපා ඔයා ඔයගෙ ගමන යන්න"...ඒම කිව්ව අයත් හිටිය... ඒ හැමෝටම, වචෙනෙකින් හරි මට උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි!
මං ගැන දන්න උං දන්නව මේක මං කරපු පලවෙනි ආතල් වැඩේ නෙමේ කියල.😂
ඒත් මේක තමා හිට් උනේ පලවෙනි පාරට...
ආපහු හිතුනොත් මොකක් හරි එකක් කරනවා.
ඒත් යාලුවන්ට පේන්න විතරයි ඒකත්...
ඉතිං අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි...
ඕනම දේක ගන්න ඕන දේ විතරක් ගන්න
බැහැර කරන්න ඕන දේ බැහැර කරන්න...
ඒම කරානං ඕනදෙයක් සරලව තේරුන්ගන්න පුලුවන් කියල මං හිතනවා...
ඔයාල හැමෝටම සුභ 🙏
#Ruwa...."