May
09
සජිත් පේ‍්‍රමදාස විජේදාස රාජපක්‍ෂ සමග මැති ඇමතින් 20ක් එජාපය අතහැර පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි..?
නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාස, අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් විසි දෙනෙකු එම පක්‍ෂයෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.
ඇමති සරත් ෆොන්සේකා මහතාට එජාපයේ ඉහල තනතුරක් ලබා දීමට විරෝධය පල කරමින් මෙම තීරණය ගෙන ඇති බවත් එම පිරිස ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට කිසිසේත්ම සූදානමක් නැති බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.
කෙසේ වෙතත් අද පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදීද ඇමති සරත් ෆොන්සේකාට එජාපයේ තනතුරක් යෝජනා වී නැති අතර පැයක පමණ කොටි කාලයකදී හමුව අවසන් විය.

මුලාශ්‍ර - LankaCnews